මට පසුගිය සතියේ එක වර්ගයේ කෝල් දෙකක් ලැබුණී.
එක ඇමතුමක් messenger එක හරහා ලැබුණේ වානීජ නෞකාවක ඉංජිනේරුවරයකුගෙනි.. ඔහුගේ නැව ඒ වෙලාවේ දකුණු අප්‍රිකාව අසලින් ගමන් කරන බව කීවේය. අනෙක් කෝල් එක ඔස්ට්‍රේලියාවේ ජීවත් වන මගේ පන්ති සගයෙක්ගෙනි.
දෙදෙනාම කතා කළේ ගොවිතැන ගැනය. ඔවුනට ටිකක් වියදම් කර නවීන තාක්ෂණය යොදවා ගොවිතැන් කරන්නට උනන්දුවක් ඇතිවිය තිබෙන බවත් ඒ සඳහා මගෙන් උපදෙස් ඉල්ලා සිටියහ.
මෙය අපේ රටට ඇතිවන ඉතාමත් ධනාත්මක trend එකකි.
මෙලෙස දස දහස් ගණනක් පිටරටවල ජීවත් වන අය සැලසුම් කරනවා විය යුතුය. ඔවුන් මේ වියදම් කරන්නට ලෑස්ති වන්නේ ඔවුන් දහඩිය මහන්සියෙන් හම්බ කරගත් ඩොලර්ය.
ඩොලර් නැතිව දුක් විඳින අපට මෙම උනන්දුව මහඟු අවස්ථාවකි.
මම පසුගිය කාලයේ මිතුරෙකු ගේ මිරිස්වගාවකට මාස කිහිපයක් උදව් කළෙමි. එය සිදුවූයේ වැල්ලවාය ප්‍රදේශයේය. ඕනෑ තරම් රජයේ ඉඩම්; ඉතා හොඳින් ජල පහසුකම් ද ලබාගත හැකි, නොයෙකුත් නීතිමය පැටලුම් වලින් සිරවී හරි ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිව තිබෙන ආකාරය මම එහිදී දුටුවෙමි.
රජය වහාම කළ යුතු වන්නේ ඉඩම් සියල්ල ම හරියට ගණනය කර න්න ඩේටා බේස් එකක් සාදා එම ඉඩම් අවුරුදු දීර්ඝ කාලීනව බදු ලබා දීමය. මෙම ඉඩම් විදේශ මුදල් වලට ්‍රී ලාංකිකයන්ට බදු දීමට සලස්වන්නේ නම් මෙලෙස උනන්දුවක් දක්වන පිටරටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට මෙම ගොවිතැන් ව්‍යාපාරයට අවතීර්ණ වන්නට පුළුවන.
ඔවුන් රටට ඉඩම් මිලදීගැනීමේදීම විදේශ ගෙනෙනවා පමණක් නොව අලුත් තාක්ෂණය එසේම රැකියා අවස්ථාවන්, නිෂ්පාදන පිටරටට යැවීමෙන් රටට බොහෝ අවස්ථාවන් ගෙනෙනු ඇත.
මගේ පන්ති සගයා සමග මේ පිළිබඳව කතා කරමින් සිටින විට remote control වගා කිරීම නම් ඒ තරම් හොඳ දෙයක් නොවෙන බව මම ඔහුට කීවෙමි.
"පිස්සුද මම ඒක දන්නවා අපි මේ ඇවිල්ලම කරන්නයි යන්නේ" ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ උනන්දුව තිබුණේ අලි පේර වගාවක් කිරීමටය.
මම පසුගිය වැය යෝජනාවලියෙන් බලාපොරොත්තු වූයේ මෙවැනි අදහස්ය.
I received two similar calls last week.
One call was received through messenger from an engineer of a commercial ship.. He said that his ship was passing by South Africa at that time. The other call was from a classmate of mine who lives in Australia.
They both talked about farming. They asked me for advice on the fact that they are interested in farming by spending a little money and using modern technology.
This is a very positive trend for our country.
Tens of thousands of people living abroad must be planning like this. They are willing to spend their hard earned dollars.
This interest is a great opportunity for us who suffer without dollars.
I recently helped out at a friend's chilie farm for a few months. It happened in Wellawaya area. There I saw how plenty of government land; with water facilities available very well, are stuck in various legal entanglements and are unable to take advantage of them.
What the government should do immediately is to create a database to calculate all the lands properly and lease those lands for a long period of years. If these lands are leased to Sri Lankans in foreign currency, interested Sri Lankans living abroad can enter into this farming business.
They will not only bring the country foreign currency while buying land, but also new technology as well as job opportunities and sending products abroad will bring many opportunities to the country.
While talking about this with my classmate, I told him that remote control cultivation is not such a good thing.
"Crazy, I know we're going to do this after coming," he replied. His interest was to grow an avocado plantation.
I expected this kind of comments from the last budget proposal.
No comments:
Post a Comment