Thursday, December 2, 2021

අද්මිරාල් යමාමොටෝ

 


මම මේ දවස් වල, ජපානයේ ප්‍රසිද්ධ යුද වීරයෙකු වන අද්මිරාල් යමා මොටෝ ගේ ජීවිත කතාව කියවමින් සිටිමි. එහිදී හමුවූ ඔහුගේ නම පිළිබඳ අපූරු කතාවක් මෙසේ ලියා තබන්නට සිත් විය.


ජපන්  අද්මිරාල් යමාමොටෝ හොන්ෂු දූපතේ දී වසර 1884 දී උපත ලැබීය. 1877 වසරේ මේ දූපතේ ජපන් රාජාණ්ඩුවට විරුද්ධව පැවැති අරගලයක  ඔහුගේ පියා  ප්‍රධාන ආධාරකරුවෙකු විය. මෙම කැරැල්ලෙන් එම කණ්ඩායම පරාජය වූ නිසා samurai නිලධාරියකු වූ ඔහුගේ පියා මහත් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නේය. 

කැරැල්ලෙන් ටික කලකට පසුව තම බිරිඳ මිය ගිය නිසා yamamoto ගේ පියා බිරිඳගේ නැඟණිය විවාහ කර ගත්තේය. යමා මොටෝ ඇයට ලැබුණු දරුවන් තිදෙනාගෙන් බාලම දරුවා විය.


ඔහු ඉපදුන විට ඔහුට නම තබන ලද්දේ, ඉසරොකු නමිනි. ඉසරොකු යන්නේ තේරුම, 56 යන ඉලක්කමය.


එසේ 56 ලෙස ඔහුට නම් තබන ලද්දේ ඔහුගේ පියාගේ වයස ඔහු ඉපදෙන විට පනස් හයක් වූ නිසාය. 


ටකනෝ ඉසරොකු ගේ කුඩා කාලය ඉතාමත් දුප්පත් කමින් එසේම අවිනිශ්චිත භාවයෙන් පිරුණු කාලයක් විය. එහෙත් ගුරුවරයෙකු වූ ඔහුගේ පියා ඔහුට කෙසේ හෝ හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළේය. මෙම අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි වරුන්ට සම්බන්ධ වූ නිසා ඔහුට විනය එසේම විද්‍යාව සහ කාර්මික කටයුතු පිළිබඳව ැබුණු අධ්‍යාපනයක් විය.

දක්ෂ සහ විනයගරුක සිසුවෙකු වූ මොහු තමා ජීවත් වූ දුප්පත් දුෂ්කර ජීවිතයෙන් ගැලවීමට තමා ලබා ගත් අධ්‍යාපනයම යොදවා ගත්තේය. 


ඔහු 1901  වර්ෂයේ එකල ජාතික වශයෙන් පවත් වූ නාවික විද්‍යායතනයට බැඳීමේ තරඟ විභාගයට පෙනී සිටියේ ය. එම තරග විභාගයෙන් ජපානයේ දෙවැනි ස්ථානය ලබාගැනීමට  ඔහුට හැකි විය.


එටා ජිමා දූපතේ තිබෙන මෙම නාවික පුහුණු පාසල තවමත් ජපානයේ නාවික හමුදාවේ නිලධාරී පුහුණු පාසලයි. ඔහු එහි ඇතුල්වන කාලයේ එම කෙඩෙට් නිලධාරීන්ට බලවත් දුෂ්කර ජීවිතයක් ගත කරන්නට සිදුවිය.  මෙම දුෂ්කරතා  අතර ඇල්කොහොල් පානය කරන්නට නොහැකි වීම දුම් පානය කරන්නට නොහැකි වීම පැණි රස ආහාර ගැනීමට නොහැකි වීම සහ කාන්තාවන් ඇසුරු කරන්නට නොහැකි වීම ්‍රධාන වූ බව සඳහන් වේ. 😃


අද්මිරාල් යමා මොටෝ හට මේ නම ලැබීම ද අපූරු කතාවකි. මේ සඳහා ජපානයේ පවතින යම් පවුලක තත්ත්වය එසේත් නැත්නම් ්‍රසිද්ධිය වැඩි කරගන්නට වැඩිහිටි තරුණයන් කුඩා දරුවන් මෙන් හදාගන්නට ගැනීමේ චාරිත්‍රය ඉවහල් විය.


ලුතිනන් කමාන්ඩර් ටකනෝ ඉසරොකු yamamoto නැමැති ධනවත් එසේම ප්‍රසිද්ධ පවුලක් සමග එකතු වී ඔවුන්ගෙන් කෙනෙකු ලෙස ජීවත් වන්නට කැමැති විය. ඒ අනුව ඔහු එතැන් පටන් ඉසරොකු යමා මොටෝ ලෙස ජීවිතය ගත කළේය. 




No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...