Saturday, November 27, 2021

සමුද්‍ර දේවිය සහ සූරිය දේවිය

 


1555 වසරේ බුවනෙකබාහු රජුගේ දියණියවූ සමුද්‍ර දේවි කුමරිය විවාහ කරගෙන සිටී වීදිය බණ්ඩාර කුමරු පෘතුගීසීන්ට විරුද්ධව කැරලි ගැසීය.


එම කැරැල්ල පටන් ගැනුණේ පෘතුගීසීන් විසින් ඔහු කොළඹ දී සාකච්ඡාවකට යයි කැඳවා ඔහු අල්ලා සිර කර ගැනීම නිසාය. ඒ අවස්ථාවේ පැලැන්ද නුවරට පලාගිය සමුද්‍ර දේවිය, පෘතුගීසි නිලධාරීන්ට පගාව දී ඔහු රඳවා සිටි භූගත සිර කඳවුරට බිංගෙයක් කප්පවා, ඔහු බේරා ගත්තාය. 


ඇය සිටි පැළඳ නුවරට පලාගිය වීදිය බණ්ඩාර පෘතුගීසීන්ට විරුද්ධව මේ කැරැල්ල පටන් ගත්තේය. 


පෘතුගීසීන්ගේ නොපනත් කම් නිසා බොහෝ කෝපයට පත්ව සිටි කෝට්ටේ රාජධානියේ වැසියෝ ඔහු එසවු ධජය වටා රැස් වන්නට පටන් ගත්හ. විශේෂයෙන්ම කෝට්ටේ රජුන් ගේ ියණිය වූ සමුද්‍ර දේවිය මෙතන සිටීම ෙලෙස ජනයා එකතු වීමට ප්‍රධාන හේතුවක් වන්නට පුළුවන.


එහෙත් ටික කලකින් සමුද්‍ර දේවිය මිය ගියාය. පෘතුගීසි නිලධාරියකු හා අනියම් සබඳතාවක් පැවැත්වූ සැකයට වීදිය බණ්ඩාර විසින් ඇය මරා දැමුවා දැයි සැකයක් ද මෙකල මතුවිය. 


අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පෘතුගීසීන්ට විරුද්ධව ිත්‍ර පක්ෂයක් ගොඩ නගා ගැනීමට සිතූ සීතාවක මායාදුන්නේ රජු තමන්ගේ වැන්දඹු වී සිටී සූරිය දේවිය නම් දියණිය මේ අවස්ථාවේ වීදියබණ්ඩාර ට පාවා දුන්නේ මහත් බලාපොරොත්තු ඇතිව ය. 


එහෙත් ටික කලකින් සූරිය දේවිය වීදියෙ බණ්ඩාර තමන්ට කරදර කරන බව දන්වමින් තම පියා වූ මායාදුන්නේ රජු වෙත පණිවිඩ එවීමට පටන් ගත්තාය. මෙයින් උරණ වූ මායාදුන්නේ රජු තමන්ගෙ දක්ෂතම සෙනෙවියා වූ වික්‍රමසිංහ මුදලි සමග සීතාවක හමුදාව කළුතරට යැවීය. වීදියේ බණ්ඩාර අල්ලා ගැනීමට බලවත් උනන්දුවකින් සිටි පෘතුගීසීන් ද මෙම හමුදාවට තමන්ගේ හමුදාවද කළුතරදී එකතු කිරීමට පොරොන්දු විය. මායාදුන්නේ රජුගේ දහතුන් හැවිරිදි ටිකිරි බණ්ඩාර කුමරු මේ හමුදාවත් සමග ගමන් කළේය. පෘතුගීසීන්ට පසුකලෙක මහත් හිසරදයක් වූ සීතාවක පළමුවැනි රාජසිංහ රජු මේ ටිකිරි බණ්ඩාර කුමරු වෙයි.


මේ සීතවක සහ සොල්දාදුවන් සීයක ගෙන් සමන්විත වූ පෘතුගීසි  හමුදාවට පැලැන්ද ගඟ අසල දී එඩිතරව මුහුණ දෙන වීදියබණ්ඩාර දරුණු සටනකින් පසුව පැරද පලා යයි. ඔහු එසේ පලා යද්දී ඉතිරි වන සූරිය දේවිය ඉමහත් ගෞරවයෙන් ඇතකු පිට ආපසු සීතාවක තම පියා වෙත පැමිණෙයි.


පලා ගොස් අවසානයේ කන්ද උඩරටට පැමිණෙන වීදියේ බණ්ඩාර මහනුවර කරලියද්දේ බණ්ඩාර රජු විසින් සතුටින් පිළිගනු ලබයි. ඒ ඔහුගේ සතුරාගේ සතුරා මිතුරෙකු බව සිතමිනි.

6 comments:

  1. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete
    Replies
    1. එතනට යාමට link එක දාන්න පුලුවන්ද

      Delete
  2. අයිතිහාසික නවකතාවකට හොඳම චරිතයක් වීදියෙ බණ්ඩාර. වීර/දුෂ්ඨ/කලු/සුදු සංකලනයක් dramatic (larger than life) විදිහට

    ReplyDelete
    Replies
    1. නවකතා කීපයක් ම ලියවී තියෙනවා නේද? මට මතක හැටියට මං දෙක තුනක් ම කියවා තියෙනවා.

      Delete
    2. ඔව් විජයභාකොල්ලය වගේ, වර්ණවත් කාලපරිච්ඡේදයක්

      Delete
    3. ඇත්ත තමයි චිත්‍රපටයක් හදන්න ඉතාමත් සුදුසු ඒ වගේ ම වර්ණවත් කාලයක් සහ වීරයෙක්

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...