Saturday, April 4, 2020

ඉංග්‍රීසි ඉංජිනේරුවෙකු 1900 යේ දුටු කඳුරට ගමක් - 1







ලංකාවේ උතුරු මැද සහ වයඹ ප්‍රදේශ ඉහල මුදුනක සිට නරඹන විට, පහතින් දිස්වන  දර්ශනය තද හරිත වර්ණ මුහුදක් සේ පෙනෙයි. ඒ හරහා සුළඟක් හමා යනවිට, ගස් මුදුන් එයට ඉඩදී නැමෙන විට, මහා මුහුදේ රැලි පෙරළෙනවා සේ පෙනෙයි. මෙම වන සාගරය සහ හිරු අතර වලාකුළු පාවෙන විට, තවත් තද කොලපාට වලාකුළු සෙවනැලි සීමාවක් නැති සාගරය මත එකිනකා පසුපස යන්නාක් මෙන් දිස්වෙයි. භුමියේ උසෙහි වෙනස්කම් නොපෙනී යන අතර, තැනින් තැන ඉහලට එසවී ඇති දුපත් ලෙස පෙනෙන කළුගල් පර්වත හැරෙන්නට, මුළු වනයම එකම උසක තිබෙන, එසේම දිය රැලි ඒ මත ගමන් කරන සාගරය ලෙස පෙනෙයි.
අපට පහතින් එසේම  ඉදිරියෙන් තිබෙන කඳු, අඟුටු මිට්ටන් වී පෙනෙන අතර, අපට පසුපසින් තිබෙන අපට වඩා උස කඳු තවත් විශාල වී පෙනෙයි. අපට කිට්ටුව තැනින් තැන වටේ වනයට වඩා, කොළ පැහැයෙන් අඩු, කුඹුරු ඉඳ හිට දකින්නට පුළුවන් අතර, ගමක වැව මතට වැටුණු හිරු එලිය ලා නිල් පැහැයෙන් පරාවර්තනය වනවා දැකිය හැක. නමුත් දුරට යනවිට වනයේ, සාගර පෙනුම එලෙසම පවතී. නිවෙස්  කිසිවක් නොපෙනෙන අතර නිශ්ශබ්දතාවය රජයයි, ඉදිරියෙහි ඇති මුළු දර්ශනයම මිනිසුන් පදිංචියක් නොමැති වන ප්‍රදේශයක් බව ඕනෑම කෙනෙකුට සිතේ.
එවැනි උස් කණු මුදුනෙන් පහතට බැස, හරිත සාගරය, හොඳින් නිරීක්ෂණය කරමු. මගේ මේ පොත කියවන්නා මමත් සමග කඳුකර ගමකට පැමිණෙන බව මම උපකල්පනය කරමි. එහිදී අපට  එකතුව ඔවුන්ගේ ජීවිත, ජිවත්වන ආකාරය සහ අදහස් පරීක්ෂා කර බලන්නට ඉඩ ලැබේ.
අප ගමන් කරන්නේ පස් මතුපිටක්‌ ඇති වංගු ගහන වූ, තනන්නන්ට වැරදීමකින් නොවන්නේ නම්, භුමියේ ස්වභාවය නිසා,යාර 100 කට වඩා දිගට  කෙලින් කොටසක් නොමැති මාර්ගයකය. අඩි 12 ක් දෙපැත්තට සුද්ධ කර දෙපැත්තේ තණකොළ වැවී තිබුණු මෙම මාර්ගය, අවුරුදු 30 ක් මෙහි සේවය කරද්දී නිතරම මුණගැසුණු දෙපැත්තෙන් පාරට නැමුණු අතු යනාදිය නිසා, කොන්ද නමාගෙන ඇඳුම් ඉරාගෙන යාමට සිදුවන පාරවලට වඩා  වෙනස්ය.
අප බොහෝ දුරක් තද හිරු අධිකඋෂ්ණත්වයෙන් පීඩා විඳිමින් ඇවිද්දෙමු. මෙලෙස දවසේ මධ්‍යම යාමයේ  මෙහි ඇවිදින විට කොතරම් හිරු දෙස නොබලා සිටියත්, එහි පීඩාව දැනේ. තාර දමා නොමැති පාරෙන්ද, හිරු රශ්මිය නැවත ඉහලට පරාවර්තනය වෙයි. පාර දෙපැත්තේ කැලයෙන්, ඉඳ හිට ඇති ගස් සහ අඩි 10 ක් 15ක් උසට වැවුණු කටු සහිත වැල් වලින් වලක්වන  නිසා, දෙපැත්තෙන් එන සිසිල් මඳ පවනෙන් ලැබෙන සහනයද ගමන් කරන්නන්ට නොලැබෙයි. මෙම සුළු වනය බොහෝවිට අවුරුදු කිහිපයකට හේන් ගොවිතැන සඳහා එළිපෙහෙළි කරන  ලද කැලෑව විය යුතුය. තවත් අවුරුදු කිහිපයකින් මෙම ඉඩම හේන් ගොවිතැන සඳහා යලි  කපා හෙලනු  ඇත.
ලඟකදී එලි කරන ලද මෙවැනි කැලෑවක් අපි දැන් පසුකරන්නෙමු. ගිනිගත් ලොකු ගස් කිහිපයක් තැනින් තැන තිබෙන මෙම හේනෙහි කුරහන් වගාකර තිබේ. මෙම ඉඩම වටා ලොකු කණු කිහිපයක් අතර කුඩා කණු සිටුවා වැටක් බැඳ තිබෙන්නේ වගාව ඌරන්ගෙන්, මුවන්ගෙන් සහ මී හරකුන්ගෙන් බේරා ගැනීම සඳහාය.
මෙම හේනේ මැද පිහිටි උස ගස් දෙකකට අසලින් කණු දෙකක් සිටුවා ඒ මත අඩි දහයක් පමණ උසින් ලී සහ වියලි අතු යනාදිය යොදාගෙන, කුඩා පැලක් සාදා ගෙන තිබේ. පැලේ පතුලේ මැටි දමා තලා වියලෙන්නට හැර, ගිනිගැනීමේ අවධානමක් නොමැතිව  කුඩා ගිනි මැලයක් පත්තු කර ගැනීමට පුළුවන් ලෙස හදාගෙන තිබේ. මේ ශීතල දිනවල උණුසුම් වීම සඳහාය.මෙම කුඩා පැලෙහි මිනිසෙකු හෝ දෙදෙනෙකු රාත්‍රියට වැට බිඳගෙන ගොවිතැන පාලු කිරීමට ඇතුලට එන සතුන් එළවීමට රාත්‍රිය ගත කරයි.
මෙවැනි හේන්වල සාමාන්‍යයෙන් වගා කරන්නේ කුරහන්ය. එයට අමතරව මුං, අබ සහ නොයෙකුත් පලාවර්ග වගා කරන අතර, හුඹස් අසල සරු පසෙහි බඩ ඉරිගු, මිරිස්, කැකිරි වැනි භෝග වගා කෙරේ. කුඩා ගස් වල එල්ලී වැවෙන අමුතු පෙනුමක් ඇති බෝතල් වැනි හැඩයක් ඇති කරවිල නම්  ගෙඩි, එම වැල් වල එල්ලී තිබෙනු දක්නට පුළුවන.

ඊළඟ කොටස 

https://lakshmanillangakoon.blogspot.com/2020/04/2-1900-2.html

4 comments:

  1. ලක්ෂ්මන් ඉංජිනේරුවෙක්ද? කොහෙද වැඩ කරන්නේ?

    උපාලි

    ReplyDelete
  2. /මුළු වනයම එකම උසක තිබෙන, එසේම දිය රැලි ඒ මත ගමන් කරන සාගරය ලෙස පෙනෙයි./
    උස ස්ථානයක සිට පෙනෙන වනාන්තරයක තුරු මුදුන් වල දර්ශනය මේ ආකාරයට සාගරයේ දිය රැලි වලට සමාන කර ඇති අවස්තාවක් දැක්කාමයි. ඒ වගේම ඒ ගැමියා තම කුරහන් හේනේ අටවා ගත් පැලෙහි බිමට මැටි තට්ටුවක් අතුරා ගෙන තිබීමත් මේ කියවන්නට ලැබුණු පළමු වතාවයි. මෙහි මූලාශ්‍රය කියන්නට පුලුවන්ද? පරිවර්තනයත් හරි අගෙයි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි පාකර් ගේ පොතක් , folklore of ceylon

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...