Sunday, February 23, 2020

2 - 1905 ලංකාවට පැමිණි අමෙරිකානුවෙකුගේ ගමන් සටහන් - 2


https://lakshmanillangakoon.blogspot.com/2020/02/1905.html සිට


මේ නිසා ලංකාවේ අගනුවර උණු කෑම මේසයක් සොයන්නා වූ, රික්ෂෝවක් සොයන්නා වූ සහ හොඳින් සොයා බලන්නේ නොමැතිව සැෆායර් සහ වෛරෝඩි මිලදී ගන්නන් ගෙන් උතුරා යයි.

දීර්ඝ ශාලාවේ සිට මගින් පැමිණෙන දෙස බලා සිටින සෙනග දෙස බැලුවිට, මනුෂ්‍ය සංහතිය ගැන අධ්‍යනයක් කරන සිසුවෙකුගේ වුවද කල්පනාව නැතිවන්නට පුළුවන. ලංකාවේ වෙසෙන සෑම ජාතියක්ම, ඉන්දියාවේ සියලුම ජාතියක පාහේ මිනිසුන්ද, එහෙමත් නැත්නම් සියලුම ආසියාවේ ජාතිනද, එසේම සැහෙන බටහිර ජාතිකයන් පිරිසක්ද එතැන සිටිති.

අත් වාරුවට හේත්තු වී සිටින මිනිසුන් දෙස බලනවිට - අවට නරඹන්නෙකුට නම් - සියලුම මිනිසුන් සමාන බව සිතේ. කොණ්ඩයක් පිටුපසට බැඳගත් ඔලුව මුඳුනේ කැස්බෑ පනාවක් ගසාගත් වැදගත් පෙනුමැති සිංහලයන්ද, දෙමල හින්දු බර උසුලන්නන්ද, තරබාරු පාර්සි වරුන්ද, හරියටම ලෝකයේ ජනයා ගෙන් තුනෙන් එකක් අදහන බුද්ධාගම පටන් ගන්නට තම පියාගෙ මාලිගාවෙන් ගෞතම බුදුන් පිටවූ ආකාරයටම කහ සිවුරු පොරවාගත් වටාපතක් සහ කුඩයක් අතින් ගත් බෞද්ධ මහනුන්ද මෙතන බලා සිටිති.

ශීතල බටහිර රටවලින් පැමිණෙන නැවියන් දෙස කිසි අගයක් නොමැතිව බලා සිටින P & O සමාගමෙන් නිවාඩුපිට සිටින ආසියානු නැවියන්ද, මැලේ ජාතිකයන් කිහිප දෙනෙකුද, බැගෑපත් පෙනුමැති මුස්ලිම් වෙළෙන්දන්ද, ආඩම්බරකාරී පෙනුමෙන් යුත් ලෝකයේ වහලයෙන් ඔබ්බෙන් පැමිණි ඇෆ්ගන් මිනිසුන්ද, තැනින් තැන පළල් පපුවලින් යුක්ත අරාබිවරුන්ද, රජයෙන් මුතු පර සඳහා කිමිදෙන්නට ප්‍රකාශ කළහොත් පැයක් කිමිදී බොහෝ ධනයක් උපයාගන්නට හෝ හිස් අතින් ආපසු යන්නට සුදානම් වී එම සුදුව සඳහා කොළඹට පැමිණ කිමිදෙන්නන්ද මේ අතර වුහ.

මාලදිවයිනේ සුල්තාන්වරයා ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා වෙත තම ජනතාවගේ හත්වන එඩ්වර්ඩ් වෙත තම භක්තිය ප්‍රකාශ කරනු පිණිස වාර්ෂිකව එවන තානාපතිවරයා, ඔහුගේ ත්‍යාග රේගුවෙන් පරීක්ෂා කරන තුරු අප සමග වේදිකාවේ බලා සිටිද්දී, ඊළඟ බෝට්ටුවෙන් ජෙටියට පැමිණෙන සුදු කාන්තාවන් කිහිප දෙනෙකු දෙස ඉතා ඕනෑකමින් බලා සිටින, අසාමාන්‍ය ලෙස විශාල කුරුස පැළඳ සිටි කළු කතෝලික කන්‍යා සොහොයුරියන් තිදෙනෙකුද එතැන සිටියහ.

ඊළඟට කාකි නිල ඇඳුමක් ඇඳගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අයිතිකරුවෙකු සේ ඇවිදිමින්, ටොමි ඇට්කින්ස් (බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට එකල යොදන පදයක්) පියර් එකේ පහලට පැමිණියේය. ඔහු පසුපසින් පැමිණියේ ඇත්දළ පැහැ ගත් යෝධයෙකුගේ සිරුරක් ඇති නළලේ අළු වලින් ඉරි තුනක් ඇඳගෙන සිටි පුද්ගලයෙකි. පාවැසුම් නොමැතිව සුදු අමුඩයක් පමණක් ඇඳ සිටි ඔහු ලංකා දුපතෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් වළකින්නට ඇඟ පුරා පොල්තෙල් තවරාගෙන සිටියේය. නොදන්නා කෙනෙකු ඔහු වටිනාකමෙන් අඩු කාසිය තරම්වත් වටින්නේ නැති පාරේ ඇවිදින පුජකයෙකු යැයි සිතන්නට පුළුවන. එක් අතකින් ඔහු පිරුණු මල්ලක් අල්ලාගෙන සිටි අතර, අනෙක් අතින් තනි සුදු පැහැති අවානක් හිරුගෙන් බේරීම සඳහා තබාගෙන සිටියේය. දන්නා කෙනෙකු නම් ඔහු චෙට්ටියාර් කෙනෙකු ලෙස හඳුනා ගනියි. ලක්ෂපතියෙකු වන ඔහු බුරුමය බලා යනවා ඇත්තේ සහල් නැවක් මිලදී ගැනීම සඳහාය.

ජෙටියට ඇතුල් වන තැන මහත් කලබැගෑනියක් ඇසේ. එය ගින්නක අනතුරු හැගීමක් විය හැකිද, එසත් නැත්නම් රේගු නිලධාරියෙකු ලොකු හොරු බඩු ගෙනෙන්නෙකු වත් අල්ලා ගෙනද? දෙකම නොවේ. ඒ කඩවසම් වැවිලි කරුවෙකුගේ වේශයෙන් එංගලන්තය බලා යන තම මිතුරෙකු, මෝටර් කාර් රථයකින් ජෙටියට ඇරලීමට පැමිණි මහා බ්‍රිතාන්‍යයයි. එයින් කොටසක් කොළඹ නගරයට යාමට හරි ගාස්තුව තෝරා බේරා ගැනීමට රික්ෂෝ කරුවන් සමග හෙට්ටු කරන බ්‍රිතාන්‍ය යුධ නෞකාවකින් පැමිණ නැවියන් කණ්ඩායමක්ද විය හැක. සෑම දිනකම පාහේ කොළඹ මෙලෙසය. සෑම දිනකම එම නගරයේ සිදූවන දෑ ප්‍රමාණවත්ව විස්තර කිරීමට කිප්ලින් තරමට දක්ෂ නොවන ලේකඛයෙකුට නම් කල නොහැක...........

ආසියාවේ බටහිරින්ම තිබෙන කළු දුඹුරු සහ කහ පුරවැසියන් විසින් සුදු මිනිසුන් රික්ෂෝ රථවල ඇදගෙන යන නගරය කොළඹ වෙයි. මෙම රික්ෂෝව තරම් යුරෝපියන්ගේ ඉහල පැලැන්තිය පෙන්වන වෙනත් ආයතනයක් ලොව නැගෙනහිර නැත්තේය. තමන් වැනි මිනිසෙකු විසින් සතෙකු ආකාරයෙන් තමන්ගේ කකුල් උණුසුම් පොලවේ කරදර වීම වලක්වන්නට තමන් ඇදගෙන යාම, කිසිසේත්ම පිළිගත නොහැකි බව ඕනෑම ඇමරිකානුවෙකු කියනු ඇත. එය උතුම් සිතිවිල්ලකි - නමුත් මිනිසාගේ දුර්වලකම් ඔහු පොලඹවයි. එහෙයින් ඔබ වරක් රික්ෂෝව පාවිච්චිකර බලයි.



3 comments:

  1. ඔබගේ ඉතිහාස සටහන් හරිම වටිනවා. යෝජනාවක් විදිහට අන්තර්ජාලයෙන් අරන් පැරණි ෆොටෝ ටිකක් එකතු කලා නම් ලස්සන වේවි කියල හිතෙනවා . කියවන්න ආසයි. ඊළග ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා .

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...