Wednesday, November 14, 2018

මේජර් බ්‍රෙන්ට් ටේලර්







බ්‍රෙන්ට් ටේලර් ඇමෙරිකාවේ උටා ප්‍රාන්තයේ ඔග්ඩේන් නගරයේ නගරාධිපතිවරයාය. ඇත්තෙන්ම ඔහු හිටපු නගරාධිපතිවරයාය. ඔහු ඇමෙරිකානු හමුදා ස්වෙච්චා සේවයක් වන ජාතික ආරක්ෂක හමුදාවේ (natonal guard) ස්වෙච්චා හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළේය.
මෙම natonal guard හමුදාව ඇමෙරිකාවේ සැම ප්‍රාන්තයකම ස්ථාපිත කර ඇති අතර එම හමුදාව ප්‍රාන්ත රජයේත් මධ්‍යම රජයේත් පාලනය යටතේ ක්‍රියාත්මක වෙයි. හදිසියකදී කැඳවීම සඳහා යොදාගන්නා මෙම හමුදාවේ සාමාජිකයින් පූර්ණ කාලීනව වෙනත් රැකියාවක් කරන අතර ඉතා සුළු ගණනක් පූර්ණ කාලීනව සේවය කරන්නේ පරිපාලනය පවත්වා ගැනීමටය.

1824 පටන්ගෙන ඇති මෙම ස්වෙච්චා හමුදාව වර්තමානයේ 450000 ක පමණ භට පිරිසකින් සමන්විත වන අතර එහි ආදර්ශ පාටය ‘always ready,always there’ යන්නයි.

මේජර් ටේලර් ගේ ජීවිතය සහ ඔහු ජීවත්වූ ආකාරය අප බොහෝ දෙනෙකුට ආදර්ශයක් ගත හැකිවා පමණක් නොව අපට ප්‍රජාතන්ත්‍ර වාදය දියුණු රටවල ක්‍රියාත්මක වන්නේ කෙසේද ඒවායේ හමුදා දුවන්නේ කෙසේද යන්න  බලාගන්නට කුඩා කවුලුවක්ද විවෘත කර දෙයි.
ඔහු උපදින්නේ 1979 වසරේය. සහෝදර සහෝදරියන් අට දෙනෙකුගේ පවුලක දෙවනියා ලෙස උපත ලද ඔහු උසස්පෙළ ඉගෙනගන්නා කාලයේ ශිෂ්‍ය සමිතියේ සභාපති වරයා වූ අතර ඊගල් බාලදක්ෂයෙකුද විය. ඔහු 

 1997 වසරේ එම පාසලේ අධ්‍යාපනය හමාර කළේය.
ආගමට ඉතා බරවූ බ්‍රෙන්ට් තම පල්ලියේ මිෂනාරි වරයෙකු වශයෙන් වසර දෙකක් බ්‍රසීලයේ සේවය කළේය. එම වසර දෙකෙන් පසුව බ්‍රෙන්ට් ආපසු පැමිණ බර්මින්ග්හම් යන්ග් විශ්ව විද්‍යාලයට ඇතුළු වී මාස කිහිපයකින් අයගේ අනාගත සහකාරිය හමුවී විවාහ විය.ඔහු එදිනම උටා ප්‍රාන්තයේ නැෂනල් ගාර්ඩ් හමුදාවට සොල්දාදුවෙකු ලෙස බැඳුනු අතර අවුරුදු දෙකක පුහුණුවකින් පසුව නිලධාරියෙකු ලෙස පුහුණු වීමට ROTC වෙත තෝරා ගැනින. 

2006 වසරේ ජුලි මස ඔහු එම පාසලෙන් නිලධාරියෙකු ලෙස උපාධිය ලබා පිටවිය.එම වසරේම ඔහු දේශපාලන විද්‍යාව පිලිබඳ ඔහුගේ උපාධිය ලබාගත් අතර, උටා විශ්ව විද්‍යාලයෙන් 2012 වසරේ master උපාධිය ලබාගත්තේය. ඒ සමගම ඔහු ආචාර්ය උපාධිය සඳහා එම විශ්ව විද්‍යාලයේම ලියාපදිංචි විය.

ඔහු මේ අතර තුන් වරක් 2007 ඉරාකයේ ; 2008 ඇෆ්ගනිස්තානයේ;2012 ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම් සඳහා යෙදවුණු අතර ඔහුට එම යෙදවීම් වලදී විශිෂ්ට සේවය සඳහා  purple heart සහ බ්‍රොන්ස් ස්ටාර් පදක්කම් ද ලැබිණ.

2009 වසරේ ඔහු ජීවත්වූ නගරයෙන් ඔහු නගර සභාවට තෝරා පත්කර ගන්නා ලද අතර 2013 එම නගරයේ නගරාධිපතිවරයා  ලෙස තෝරා ගැනින. 2017 වසරේද ඔහු නැවත වරක් නගරාධිපති වරයා ලෙස තෝරා ගැනුනේ විරුද්ධ අපේක්ෂකයකුද  නොමැතිවය.

තම දරුවන් සහ සහෝදරයන් සමග ගොවිපලේ වැඩකිරීම,දඩයම් කිරීම සහ මාළු ඇල්ලීම ඔහුගේ විනෝදාංශ  විය.

දරුවන් 7 දෙනෙකුගේ පියකු වූ බ්‍රෙන්ට් ට මෙවර නැවත වරක් කැඳවීම පැමිණියේ ඇෆ්ගනිස්තානයේ රජයේ හමුදා පුහුණු කිරීම සඳහා පිටත්වන්නටය. ඔහුට මෙවර 4 වරට කැඳවීම ලැබුනේ ඇෆ්ගන් රජයේ කොමාන්ඩෝ  හමුදා පුහුනුකිරිම සඳහා වසරකට එහි සේවය කිරීමටය. එහිදී ඔහු පුහුණු කරමින් සිටි හමුදා පිරිසේම  භටයෙකු විසින් වෙඩි තබා ඔහුව ඝාතනය කෙරින.

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ නගරයේ සිදුවන අතර උටා විශ්ව විද්‍යාලය ඔහුට ඔහු හදාරමින් සිටි ආචාර්ය උපාධිය මෙවර උපාධි ප්‍රදානෝත්සවදී පිළිගැන්වීමට තීරණය කර ඇත.

1 comment:

  1. ??. එහිදී ඔහු පුහුණු කරමින් සිටි හමුදා පිරිසේම භටයෙකු විසින් වෙඩි තබා ඔහුව ඝාතනය කෙරින.??

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...