Wednesday, May 2, 2018

දීපිකා පදුකොනේ සහ වැන් ඩිසල්




අපි පොඩිකාලයේ හින්දි චිත්‍රපටි වලට බොහෝ ඇලුම් කළෙමු. රාජේශ් ඛන්නා, ධර්මේන්ද්‍ර, අමිතාබ් බච්චන්, ජයා බහදුර් වැනි නළු නිලියෝ අපේ ප්‍රියතමයන් වුහ. හින්දි චිත්‍රපටි වලට ඇති අපේ කැමැත්ත සඳහා යම් තරමකින් වත් තරගයක් දුන්නේ බටහිර ගොපලු චිත්‍රපටි පමණි. මම තවත් මිතුරන් දෙදෙනෙකු සමග පාසලෙන් කට්ටි පැන කටුගස්තොට සිගිරි ශාලාවේ ඒක් පුල් දෝ මාලි චිත්‍රපටිය බලන්නට ගොස් අසු වී මට විදුහල්පති හමුවීමට දෙමව්පියන්ද රැගෙන යාමට සිදුවිය.
කෙසේ වුවත් හින්දි සිනමාව සන්සන්දාත්මකව එක තැන පල් වෙද්දී හොලිවුඩ් සිනමාව දිගු පිමි වලින් ඉදිරියට ගියේය. අපි බොහෝ දෙනෙකු හින්දි චිත්‍රපටි අතහැර බටහිර චිත්‍රපටි වලට ලංවිමු. දැන් මම හින්දි චිත්‍රපටි බලන්නේම නැත. බටහිර චිත්‍රපට මසකට පහක් හයක් බලන අතර හිද හිට දෙමළ චිත්‍රපටයක් ලැබුනොත් අතහරින්නේත් නැත.
නමුත් මෙවර ටයිම් සඟරාවේ පසුගිය වසරේ ප්‍රසිද්ධම සිය දෙනා තෝරන ලද අතර එයින් හින්දි සිනමාවේ කෙනෙකු සිටිනවා දැක එය උනන්දුවෙන් කියෙව්වෙමි. එය ලියා තිබුනේ ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙකු සහ චිත්‍රපටි තනන්නෙකු වන වැන් ඩිසල් හෙවත් මාක් සින්ක්ලයා විසිනි.
එම ලියවිල්ල කොතරම් අලංකාරද කිවහොත් සහ එම ලිපියේ විෂයයා අප අසල්වැසියෙකු නිසා මට එය පරිවර්තනය කර බ්ලොග් එකක් කරන්නට සිතුනි.     

"දීපිකා  පදුකොනේ මගේ fast and furious සීරිස් ඒක සඳහා චිත්‍රපටයක් සඳහා පරීක්ෂණයකට පැමිණි අවස්ථාවක මා යම් විශේෂ පුද්ගලයෙකුගේ සමාගමයෙහි සිටින බව මට දැනුනි. ඇය කාමරයට ඇතුළුවූ ගමන්ම මට යම් ශක්තියක්, රසායනයක් එසේත් නැත්නම් යම් විශේෂ අහම්භයක් සිදුවන බවක් දැනුනි. ඒ හැඟීම මේ හමුවීමෙන් යම් විශේෂ දෑ ඉදිරියේදී සිදුවන්නට තිබෙන බවයි.
ඇයගේ කාල සටහන් මගේ චිත්‍රපටිය සඳහා ගැලපුනේ නැත. නමුත් මම එය අතහැරියේත් නැත. “xXx Return of the xandar cage චිත්‍රපටිය සැලසුම් කරන විට මුල්ම චරිතය අප ගොඩනැඟුවේ ඇය සඳහාය. “මට මේ චිත්‍රපටියේ රඟපෑමට කැමතියි, එහෙත් මම මේ චිත්‍රපටියට සම්බන්ධවනවා නම්, එය කිරීමට ඔබ ඉන්දියාවට පැමිණිය යුතුයි” ඇය කීවාය. මම එයට එකඟ වීම ගැන මම දෙවියන්ට් ස්තුති කරමි.
එම චිත්‍රපටිය කරද්දී දීපිකා කැපවීම වෙනම තලයකට ගෙන ගියාය. ඇය එවැනි කලාකාරියකි, ඇයට; ඇය පමණක් නොව  මුලු චිත්‍රපටියම, දිලිසෙන්නට, බැබලෙන්නට  ඕනෑ විය, එය කලාතුරකින් මේ ක්ෂේත්‍රයේ කෙනෙකු සිතන විදිහකි. ඇය කොතරම් හැඩ කාරද යන්න ගැන ඕනෑම කෙනෙකුට කතාකල හැක. ඇගේ හාස්‍යට හරියටම ගැලපෙන කාල මුහුර්තනය ගැන ඕනෑ තරම් කතාකල හැක. ඇය තරුවක් පමණක් නොවන බව කිව යුතුය. ඇය නළුවන්ගේත් නළුවෙකි. සම්පුර්ණයෙන්ම වෘතියට කැපවූ කලාකරුවෙකි.
මෙම විනෝදාස්වාද ක්ෂේත්‍රයේ අපට බොහෝ විට හමුවන්නේ එකායක රූපයන්ය. සමහරු සමහර වෙළඳ පොළට පමණක් හිරවෙති. නමුත් දීපිකා පෘතුවියට අපට දියහැකි උපරිමයයි. ඇය ඉන්දියාව නියෝජනය කරන්නේ නැත, ඇය නියෝජනය කරන්නේ ලෝකයයි".

මම ඇයගේ ච්ත්‍රපටයක් බලන්න තීරණය කලෙමි. වැන් ඩීසල් ට ඕනෑ වුනෙත් එය වන්නට පුළුවන.

14 comments:

  1. ඔය වින් ඩීසල් ඉන්නවා සේවින්ග් ප්‍රයිවට් රයන්ස් ෆිල්ම් එකේ .... හෙන කෙට්ටුයි කැතයි ඒ කාලේ .... මෝඩයෙක් වගේ ඇවිදගන ගිහින් ෂොට් එකක් වදිනවා ඔලුවට .... විනාඩියක විතර කාලයකට ඒ චිත්තර පටියේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. දැන්න්ම් ඉහළ ගනයේ චිත්‍රපට තනන්නෙක්

      Delete
    2. එහෙම පටන් ගන්න අය හුඟ දුර ගමනක් යනවා නේද....වන් හිට් වන්ඩර්ස්ලා වගේ නැතුව....?

      Delete
    3. elyes gabel (වෝල්ටර් - ස්කෝර්පියන් එකේ) world war Z එකේ මැරෙන විදිය වගේ.

      Delete
  2. පරිවර්තනය නං අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. මම ඔබට මුල් ඉංග්‍රීසි ලිපිය එව්වොත් මීට වඩා හොඳට පරිවර්තනය කරල පෙන්නන්න පුලුවන්ද ?

      Delete
    2. මැසේජ් එක රිලේ උනානං එච්චරයි..ඔව්වා ගනන් ගන්නෙපා මෙයා...!

      Delete
    3. දේශකයෝ -පර්මා-ෂාප් බ්ලේඩ් නැත්නම් වෙන හොඳ ජාතියක් හොය‍ාගන්න.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. පිලිතුර ලියද්දි මගෙ අතින් ඔබෙ කොමෙන්ට් එක ඩිලිට් වුනා ඔබ කියන්නෙ අනුවර්තන ගැනයි. මේ ඉංග්‍රීසි ලියවිල්ල හරි ලස්සනයි, අලුත් යෙදුම් , මට ඕනැවුනා ඒ නැවුම් බව එහෙමම තියාගෙන ලියවිල්ල පරිවර්තනය කරන්න. ඉංග්‍රීසි වේගයෙන් අලුත් වෙනවා,

      Delete
    6. පිලිතුර ලියද්දි මගෙ අතින් ඔබෙ කොමෙන්ට් එක ඩිලිට් වුනා ඔබ කියන්නෙ අනුවර්තන ගැනයි. මේ ඉංග්‍රීසි ලියවිල්ල හරි ලස්සනයි, අලුත් යෙදුම් , මට ඕනැවුනා ඒ නැවුම් බව එහෙමම තියාගෙන ලියවිල්ල පරිවර්තනය කරන්න. ඉංග්‍රීසි වේගයෙන් අලුත් වෙනවා,

      Delete
  3. මම ඔබට මුල් ඉංග්‍රීසි ලිපිය එව්වොත් ඔබට එය මීට වඩා හොඳට කරල පෙන්වන්න පුලුවන්ද

    ReplyDelete
  4. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_54.html

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...