මම දැනට බලා ඇති වඩාත්ම සිත් ගත් නාට්‍ය සුභ සහ යසයි. මෙම නාට්‍යට පසුබිම් වූ සත්‍ය සිද්ධිය සිදු වුයේ ක්‍රිස්තු වර්ෂ 120 දී පමණය. සුභ රජුටත් ඉන්පසු වැඩිකලක් රාජ්‍ය කරන්නට ලැබුනේ නැත. මේ ඒ විස්තරයයි.
චන්ද්‍ර මුඛ සිව රජුගේ බාල සහෝදරයා වූ යසලාලක තිස්ස, තිසා වැවේ ජල ක්‍රීඩා
උත්සවයකදී රජු මරා, රජය ලබා ගත්තේය.
දත්ත නැමැති දොරටුපාලකයෙකුගේ පුතෙකු වූ සුභ නැමැති දොරටු
පාලකයෙකු රජු හා පෙනුමෙන් බොහෝ සමාන විය. විහිලුවට කැමති වූ යසලාලක තිස්ස රජු
ඉඳහිට එම දොරටු පාලකයාගේ නිල ඇඳුම් තමා ඇඳගෙන, දොරටුපාලකයාට තම ඇඳුම් අන්දවා
සිංහාසනයේ හිදුවා රාජ්‍ය නිලධාරීන් රජුට ගෞරව කරන විට, ඔවුනට අවඥ්ඥා සහගත ලෙස
සිනහවීමට පුරුදුව සිටියේය. එක් දිනෙක සුභ සිංහාසනයේ වාඩි වී සිටියදී යසලාලක තිස්ස
දොරටුපාල ලෙස රඟපාමින් රාජ්‍ය නිලධාරීන් ඉඳිරියේ සිනහසුන විට, අවස්ථාව පාවිච්චි කර
රජ වීමට කල්පනා කල සුභ රාජපුරුෂයන්ට දොරටුපාල
ලෙස ඇඳ පැළඳ සිටි රජු මරා දැමීමට අණ කලේය.
රජු මරා දැමුනු අතර සුභ රජවිය.[1]
අවුරුදු 6 ක් රාජ්‍ය කල සුභ සහෝදරයා මරා රජ වුවත් පින්කර ගත යුත්තේ යයි සිතා පහත කර්මාන්ත කලේය.
o අභයගිරිය සහ මහා
විහාරයේ සුභරාජ නැමැති කුටි පේලි.
o උරුවෙල වල්ලි
විහාරය.
o අනුරාධපුරයට
නැගෙනහිරින් ඊකඩවර විහාරය.
o මහවැලි ගඟේ මෝය
කට අසල නන්දිගාමක විහාරය.
මේ කාලයේ නැකැත් කියන්නෙකු,
“වසභ නැමැත්තෙකු ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රජු වන්නේය.“
යැයි අනාවැකියක් කී හෙයින් රජු වසභ නම් , නම් ඇති සියලු දෙනා මරා දමන්නට නියෝග
කලේය. ලම්බකර්ණ කුලයට අයත් රජුගේ හමුදාපතිගේ නිවසේ වසභ නැමැති ඔහුගේ බෑණා සේවය
කලේය. එක් දිනක උදයේ සෙන්පතියා
“මේ වසභත් අප රජුට බාරදිය යුතුය”
යැයි බිරිඳ සමග සාකච්ඡා කර වසභ සමග රාජය සේවයට ගියේය.
ඔහුගේ බිරිඳ වසභ බේරා ගැනීමට සිතා සෙනෙවියාගේ
බුලත් මල්ලට හුනු නොදමා දුන්නාය. රජ මාලිගයේ දොරටුව අසලදී හුණු නැති බව දුටු සෙන්පතියා, හුණු
ගෙන ඒමට වසභ ආපසු නිවසට යැව්වේය. ඔහු
නිවසට පැමිණි විට සෙන්පතියගේ බිරිඳ ඔහුට සියලු දේ පවසා කහවනු 1000 ක්ද දී පලායන
ලෙසට උපදෙස් දුන්නාය.
ඔහු වහා පලා ගොස් මහා විහාරයට පැමිණ එයින්ද උදව් ලැබ කැරැල්ලක් පටන් ගත්තේය. ඔහු
ගමින් ගමට ගොස් අවසානයේ රුහුනේදී හමුදාවක් ගොඩනගා ගෙන අවුරුදු 2 කින් පසු ආපසු
අනුරාධපුරයට පැමිණ සුභරාජ යුද්ධයෙන් පරාජය
කර රජවිය. ඔහුගේ මාමා වූ සෙන්පති, සටනේදී මියගිය අතර ඔටුනු පැලදීමෙන් පසුව වසභ රජ පෙරදී
තමන්ගේ ජීවිතය බේරු පොත්ත නම් වූ ඒ මාමාගේ
බිරිඳ, මහරැජිනිය ලෙස පත්කර ගත්තේය.
වරෙක වසභ රජ අනාවැකි කියන්නෙකු ගෙන් ඔහු තව කොපමණ කාලයක්
ජීවත් වන්නේදැයි ඇසූ විට, අනාවැකි කරුවා අවුරුදු 12 ක් බව පැවසුවේය. රජු මෙය
රහසක්ව තබා ගන්නා ලෙස පවසා අනාවැකි කරුට කහවනු 1000 ක් දී, බොහෝ සංඝයා කැඳවා, ආයුෂ
වැඩිකර ගැනීමට කලයුත්තේ කුමක්දැයි අසා සිටියේය.
ඉන්පසු සංඝයා ඔහුට මෙලෙස කිවූහ,
“ජල පෙරනයන්, නිවාස, ආරෝග්‍යශාලා දානය දීම, කඩාවැටුනු
ගොඩනැගිලි අලුත්වැඩියා
කිරීම; පංචශිලය ආරක්ෂා කිරිම සහ පොහොය දිනවල ආහාර නොගෙන
සිටීම කල යුතුය.“
රජු එයට එකඟ වී ඒ අනුව ජීවත්විය. ඔහු පහත පින්කම්ද සිදු
කලේය.
o සෑම අවුරුදු 3
කටම වරක් ඔහු රටේ සිටින සෑම සියලුම සංඝයාට සිවුරු 3 ක් පරිත්‍යාග කලේය. ස්ථාන 32 ක
කිරිබත් සහ පැණි බෙදා දුන් අතර, ස්ථාන 64 ක සංඝයාට නොයෙකුත් ත්‍යාග පිරිනැමීය.
o ඔහු මිහින්තලයේ
වෙහෙර, ථූපාරාමය, රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය අවට පහන් 1000 කින් ආලෝකමත්
කලේය.
o දිවයින පුරාම
ගරා වැටී තිබූ පන්සල් අලුත්වැඩියා කිරීම.
o මහවැලිගොට්ට
යැයි විහාරයක් කරවීය.
o මහගම අනුරාරාම
නැමැති විහාරයක් කර, එයට කරීස 1008 ක ඉඩම් සහ හැලිගම නැමැති ගමද පූජා කලේය.
o මුක්කලේ විහාරය
සාදා අලිසාර නැමැති ඇලෙන් ජලය කොටසක් ලබා දීමට කටයුතු කලේය.
o ගලන්බාතිත
විහාරයට උපෝසත ශාලාවක් සහ ගඩොල් වලින් ආවරනයක් සාදා පහන් සදහා තෙල් ලබාදුනි. එම
විහාරයටම කරීස 1000 ක ඉඩම් වගා කිරීමට ප්‍රමාණවත් වැවක් සාදා දුන්නේය.
o තවත් විහාර
කිහිපයකටම උපෝසත ශාලා සෑදවිය.
o මහා විහාරයට කාමර
පේලියක්ද සාදා දුන්නේය.
o බුදු පිලිම
හතරක් ශ්‍රී මහා බෝධී උද්‍යානයේ සෑදුවේය.
o කයන්ති,
රාජුපල්ල, වහා, කොළඹගාමක, මහානික්කාවතී,
මහරමෙත්තී, කොහාල, කාලි, කම්බුති, කතමන්ගන සහ අග්ගිවද්දමානක යන වැව සහ ඇල
සාදවා වගාව දියුනු කලේය
o නගරය වටා තිබුනු ආරක්ෂක බැම්ම තවත් ඉහලට බඳවා
නගරයේ ද්වාරය 4 අසල බලකොටු ප්‍රාකාර සහ මාලිගාව අසල උද්‍යානයක් සාදා එහි පොකුනක
හංසයන් ඇති කලේය.
o නගරය පුරා නාන
තටාක ඇතිකර පොලව යටින් උමං සාදා ඒවාට ජලය ගෙනාවේය
o ඔහුගේ රැජිනිය
පොත්තාද විහාරයක් සහ ස්ථූපයක් සෑදුවාය.
ඔහු ථූපාරාමයේ සෑදූ විහාරය පූජා කරන දින මහා උත්සවයක්
පැවැත්වූයේය. එදින ඔහු භික්ෂූන් අතර නොයෙකුත් ආහාර වර්ග බෙදා දුන්නේය. ඔහු මෙසේ
අවුරුදු 44 ක් රාජ්‍ය කලේය.
[1]
ප්‍රවීන සහ සුප්‍රසිද්ධ
නාට්‍ය කරු සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස නාට්‍ය ගොඩනංවන ලද්දේ මේ සිද්ධිය පසුබිම්
කරගෙනය.
ලාංකීය ඉතිහාස කථාවලින් සදුන වේදිකා නාට්‍ය ගොන්නේ සුභ සහ යස නමැති වේදිකා නාට්‍ය ඉදීරියෙන්ම සිටින බව අවිවාදයෙන් පිළිගත යුතුය. එයට ශිල්පීය දක්ෂතාවත් නොඅඩුව ලැබී තිබේ සයිමන් නවගත්තේගම යනු එදිරිවීර සරච්චන්ද්‍ර වැනි මහා නාට්‍ය පුරෝගාමියෙකි.
ReplyDeleteවිචරක දියණිය
අනෙක එතරම් ගැඹුරක් නැතිව හතු පිපෙන්නා වගේ ආපු සමාජවාදී නාට්‍ය වලට වඩා බොහොම වෙනස්
ReplyDelete