Monday, June 5, 2017

නාය යාමෙන් ජීවිත බේරාගත හැකි නිසැක ක්‍රමය.



අපේ ලංකාවේ නිතරම ගං වතුර ඇති වේ. ඒ බොහෝ ගං වතුර ඇතිවන අවස්ථාවල වැඩිපුර ජීවිත හානි වන්නේ ගං වතුර නිසා නොව අධික වැසි නිසා ඇතිවන නාය යෑම් වලින් බව පෙනේ.  

නාය යෑමක් යනු පස් කන්දක් හෝ ලොකු ගල් පර්වතයක් කඳු සහිත ප්‍රදේශයකින් ඇදවැටීම හෝ පහලට කඩාගෙන යාමය. මෙතෙක් ලෝක ඉතිහාසයේ දරුණුම නාය යෑම සිදු වී ඇත්තේ චීනයේ නින්ග්සියා ප්‍රදේශයේ 1920 දීය. එහිදී මිය ගිය ගණන ලක්ෂයකට අධිකය. ඊලගට 1999 වෙනින්සියුලාවේ වර්ගාස් ප්‍රදේශයේ 30,000 ක් මිය යෑම දෙවෙනි තැනට එයි. මෑතකදීම සිදු වූ මෙවැනි ඛේදවාචකය ඉන්දියාවේ 2013 උත්තරාකාන්ඩ් ප්‍රාන්තයේ 5700 ක් මෙලෙස මිය යාමය. 

දැන් අතුරුදහන් වී ඇතැයි කියන 75 ක් පමණ අපේ ජනයා හා මියගිය 202 න් ගං වතුරෙන් මිය ගිය ගණන 20 ක් පමන වන්නේ යැයි අනුමාන කල හැක්කේය. 250 ක් පමන මිය යන්නට ඇත්තේ නාය යෑම් වලින් බව පෙනී යයි. මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ගං වතුර ක්‍රමයෙන් වැඩි වන්නේ වුවත්, නාය යෑම් ක්ෂණිකව සිදුවන නිසාත් නිවසක් ඇතුලත සිටියදී නිවස නාය ගියහොත් නිවස පසට යටවීමය. 

මේ අනුව බලන විට ගං වතුරෙන් වන හානිය වැඩි වශයෙන් සිදු වන්නේ දේපලවලටය. නායයෑම් වලින් වැඩි හානියක් සිදු වන්නේ ජීවිත වලටය. ගං වතුර වලක්වන්නට නොයෙකුත් ක්‍රම තිබේ. එක් ක්‍රමයක් නම් යම් ජල පහරක ගං වතුර මට්ටමෙන් ඔබ්බට යාමට පෙර ඒ ජලය එම ජල මාර්ගයෙන් ඉවත් කර වෙනත් ජලය අඩු ජල මාර්ගයකට ගෙන යාම ගං වතුර අඩු කිරීමයි.

 ලංකාව වැනි කුඩා එමෙන්ම වර්ෂාපතනය නියමිත කාලයකට ලැබෙන මධ්‍යම කඳුකරයෙන් සියලුම ප්‍රධාන ජල පහර ගලා බසින රටක් භූගෝලීය වශයෙන් මෙවැනි ඉංජිනේරුමය ව්‍යාපෘතියකට සැලසුම් සහගතව භූගෝලීය වශයෙන් නිර්මාණය කර ඇති රටක් වැනිය. තරමක ආයෝජනයක් අවශ්‍ය වුවද මෙවැනි ව්‍යාපෘතියක් කිරීමෙන් ගං වතුර වැලැක්වීමට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන ලබාගත හැක්කේය. අවශය වන්නේ එඩිතර එමෙන්ම ඉංජිනේරුමය දැක්මක් ඇති නායකයෙකුය. 

අනෙක් පැත්තෙන් නාය යෑම වැලැක්වීම එතරම් පහසු කාර්යයක් නොවේ. එහෙත් නාය යෑමෙන් සිදුවන ජීවිත හානිය වලක්වා ගැනීම එතරම් අපහසු නැත්තේය. ඒ සදහා කල හැකි එකම ක්‍රියාව නාය යෑමට වැඩියෙන්ම ඉඩ ඇති ස්ථාන තෝරා ගැනීමයි. ඉන්පසු පහත සදහන් පියවර අනුගමනය කලහොත් වසරින් වසර නාය යෑමෙන් මියගිය හැකි මිනිස් ජීවිත ප්‍රමාණය 10%  බැගින් පමණ අඩුකර අවුරුදු 10 ක් පමන වන විට - ඒ කියන්නේ ඊලග ගං වතුරට පෙර නාය යෑමෙන් විපතට පත්විය හැකි ජීවිත ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වාගේ වලක්වා ගන්නට හැකිවනු ඇත. 


  • එක් එක් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශවල වැඩියෙන්ම නාය යෑමට ඉඩ තිබෙන නිවාස 100 ඔවුන් අත ඇති සියලුම තාක්ෂණික හැකියාවන් යොදා මසක් ඇතුලත තෝරා දෙන ලෙසට ඒ සදහා වගකීම ඇති රාජ්‍ය ආයතන වලට නියෝග කිරීම. 
  • එම නිවාස වල අයිතිකරුවන්ට තව මාස හයක් තුල එම නිවාසවලින් ඉවත් වීමට දැනුම් දීම. 
  • නිවාස විස්සේ තට්ටු තුනේ තට්ටු නිවාස පහක් ප්‍රවේශම් තැනක ගොඩ නගා එම නිවාස අයිතිකරුවන්ට ලබාදීම. 
  • පවුල් ඉවත්කල ඉඩම් ඔවුනට ගොවිතැන් කිරීමට ඉඩ දී නිවාස සෑදීමට තහනම් කිරීම. 


මෙලෙස අවුරුදු පතා කිරීමෙන් සෑම අවුරුද්දකම බොහෝ විට නාය යන දිස්ත්‍රික්කවල නාය යාමට වඩාත්ම ඉඩ තිබෙන පවුල් 4000 ක් පමණ එම අනතුරෙන් ඉවත් වේ. මෙලෙස අවුරුදු 10 ක් ගියහොත් සම්පූර්ණ නාය යෑමට ඉඩ තිබෙන නිවාස සියල්ලම පාහේ එම අනතුරෙන් ඉවත් වේ. 

දැන් පිටරට වලින් ලැබෙන්නට තිබෙනවා යැයි නිතරම ටී.වී. වල කියන මුදල් මේ සදහා යෙදවිය හැකිය. ඊයේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඇමරිකාවෙන් මිලියන 350 ක් ලැබෙන බව කියා සිටියේය. ඒ මුදල් සහ අනෙකුත් මුදල් දීමට අකමැති එහෙත් වෙනත් ද්‍රව්‍ය දීමට කැමති මෙම නිවාස ව්‍යාපෘතිය පිලිබඳව හොඳ යෝජනාවක් ලියා ඉදිරිපත් කරන්නේ නම් නිවාස 4000 ක් නොව 10000 ක් වක් සාදා ගැනීමට පුලුවන. 

මේ යෝජනාව කෙනෙකුට ආධාර කරන්නට සිතෙන සේ ඉහල තත්වයකින් ලියා ගත හොත් බිල් සහ මිලින්ඩා ගේට් වැනි පදනමකින් වුවත් ප්‍රධානයක් ලබා ගැනීමට බොහෝ ඉඩ තිබෙන බව මට හොඳටම විශ්වාසය. 


   

8 comments:

  1. මං හිතන්නෑ ඔය කතාවට අපිලැත්තන්නෙ දේශපාලන තැත්තල කැමති වෙයි කියල ;-)

    ReplyDelete
  2. ලියල වත් හිතේ බර අඩුකර ගන්නවා

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මෑතක සිදුවූ නාය යම් සියල්ලම පාහේ ඇතිවුයේ අක්‍රමවත් තේ වගාවන් කල කඳු බෑවුම් වල, ඒවා ජාල වහනයට කාණු යොදා නැති අධික ලෙස රසායන පොහොර භාවිතය නිසා පස බුරුල් වූ ඉඩම්.
    අවධානම් බෑවුම් පරික්ෂාකර ජලවහන පද්ධති ඉදිකිරීමට උපදෙස් ලබා දී තිබුනත්, ඉඩම් හිමිකරුවන් ඒ වෙනුවෙන් රජයෙන් ආධාර දෙනතුරු බල සිටිනවා, එවන් ආධාර බෙදාහැරීමට රජයේ නිලධාරීන්ද වඩා කැමැත්තක් දක්වන නිසා ඔවුන් කරන්නේද ස්වේච්චාවෙන් ඉදිකිරීම් කරන්නට කැමති පිරිසට පවා අනවශ්‍ය බලාපොරොත්තු ලබාදීමක්.

    ReplyDelete
  5. tv එකේ මා දුටු බොහොමයක් ස්ථාන තේ වගාවන් නම් නොවෙයි. කොහොමත් small holdings වලට රජයේ සහනාධාර සැහෙන්ට දෙන නිසා රජයට ලෙහෙසියෙන්ම පුලුවන්නෙ යම් පිලිගත් ප්‍රමිතියකට ඒව කරවන්න

    ReplyDelete
    Replies
    1. small holdings වලට සහනාධාර දෙන්නේ කටින් විතරයි. බොරු නම් නින්ගෙන්ම අහලා බලන්න. අඩු ගානේ අවශ්‍ය ක්ලේනයෙන් පැලයක් සල්ලි දිලාවත් තුඩා තේවතු එකේන ගන්න නැහැ

      Delete
    2. නවින් ගෙන්

      Delete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...