Saturday, July 15, 2023

ඛුක් තම්බි

 දහනමවන සියවසේ ලංකාවේ කෝපි වගාව අවසන් වූ පසු කොකෝවා රබර් සහ පොල් වාණිජ වැවිලි ලෙස කරගෙන යද්දි එංගලන්තයේ සුද්දන් එම වගාවන් පටන්ගෙන කලමනාකාරනය කිරීම සඳහා ්‍රධාන මෙහෙයක් ඉටු කළහ. ඔවුන් තමන්ගේ රටින් බොහෝ ඈතට පැමිණ පහසුකම්වලින් ඉතා අඩු ප්‍රදේශයන්හි මෙම වගාවන් පටන්ගෙන ඒවායේ නැවතී ඒවා කළමනාකරණය කරමින් තම මව් රටේ දී තමන්ට පුරුදු ජීවිතය ද යම් තරමකින් හෝ ගත කරන්නට උත්සාහ කළහ. 

තමන්ට සුපුරුදු පොත් කියවීම පුරුද්දක් වශයෙන් කරගෙන යාමට ඔවුන් බොහෝ උත්සාහ කළ ද එංගලන්තයෙන් පොත් ගෙන්වාගෙන තමන්ගේ වැවිලි තිබූ ප්‍රදේශයන්හි  බෙදාහැරීම පහසු කටයුත්තක් නොවීය.


එහෙත් සැම විටම යම් බෙදාහැරීමේ අපහසුතාවය තිබෙන විට ඒවාට විසඳුම් ද මතුවීම ස්වභාවික දෙයකි. මෙම සුද්දන්ගේ පොත් පිපාසය සංසිඳවීමට ද ලංකාවේ මුස්ලිම් වෙළඳුන් කොට්ඨාශයක් ඉදිරිපත් වූහ. 


වතු කළමනාකරණය කරන සුද්දන් මොවුන් හැදින්වූයේ 'බුක් තම්බි' වශයෙනි. මේ book තම්බි වරුන් තම වත්තට එනකන් වතුවල සින්නදොරේ පෙරිය දොරේ sinna sani පෙරියසානි වරැබලා සිටියහ.

බුක් තම්බි  වෙළෙන්දෙකුගේ කණ්ඩායමක මෙහෙකරුවන් තිදෙනකු හතර දෙනෙකු පමණ සිටියහ. ඔවුහු ගැටගැසූ පොත් මිටි අව්වෙන් හා වැස්සෙන් බේරාගන්නට තල් අතු වලින් වසාගෙන ඔළුවේ තබාගෙන තම ප්‍රධාන මුදලාලි සමග වත්තෙන් වත්තට ගමන් කළහ.


book තම්බි සෑම විටම වාගේ මුස්ලිම් පුද්ගලයකු වූ අතර ඔහු කුඩා තම්බි තොප්පියක් හිස ලා ගෙන ඉනට උඩින් අවසන් වන කොට කබායක් සහ වර්ණවත් සරමක් ඇඳගෙන සිටියේය. සරම වැටෙන්නට නොදී තබා ගැනීමට පළල හමෙන් සෑදූ දෙපැත්තේ ලොකු සාක්කු දෙකක් සහිත බඳපටියක්  අනිවාර්ය වූ අතර කළු පැහැති විශාල කුඩයක් ඔහු අත සැමවිටම තිබුණේය.


වත්තට පැමිණි පසු බංගලාවේ වැරන්ඩාවේ පොත් සියල්ල දිගහැර වත්තේ සුදු කළමනාකරුවන්ට තමන් ළඟ ඇති පොත් පරීක්ෂා කිරීමට ඉඩ ලබා දුන්නහ. සෑම විටම පොතක් මිලදී ගැනීමට පරණ ඉන්ගිරිසි පොතක් සහ පැන්ස හයක් ගෙවන්නට සිදු විය. 


මෙයට අමතරව මෙවැනි ජංගම වෙළෙන්දන්, සැමවිටම පාහේ, මුස්ලිම් ව්‍යාපාරිකයින්, වතු වලට නොයෙකුත් භාණ්ඩ විකිණීමට රැගෙන පැමිණියහ. මේ අතරින් වඩාත් ම ආකර්ෂණීය වෙළෙන්දා වූයේ flannel කමිස, flannel suit රෙදි, ඇඳ රෙදි, තුවා ඉදිකටු හැට්ට කටු බොත්තම් යනාදිය රැගෙන පැමිණි වෙළෙන්ඳා ය.

Everyday life on a ceylon cocoa estate 

No comments:

Post a Comment

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...