Tuesday, October 26, 2021

බල්ලාගේ හුණුවටයේ කතාව

 



දැන් මාස කිහිපයකට පෙර මාතලේ සිටින මගේ මිතුරෙකුගේ බල්ලෙකු නැතිවුනි. අලුත් අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරන සද්දයට බියවී ගෙදරින් පලා ගොස් නැවත ආපසු පැමිණියේ නැත.


සති දෙකකට පමණ පෙර එවැනි බල්ලෙකු තමන් වෙත රැගෙන විත් එන්නත් ලබා ගත් බවට ඒ බල්ලා මීට පෙර බැලූ පශු වෛද්‍යවරයා වෙනත් බල්ලෙකු ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන ගිය අසල්වැසියකු අතේ පණිවිඩයක් එවා තිබිණ.


ඒ හෝඩුවාව පස්සේ සොයාගෙන ගිය මගේ මිතුරාගේ මෙවැනි ක්‍රියාන්විතයන් ට දක්ෂ වෙනත් මිතුරෙකු, බල්ලා සිටිනවා යයි, සැකකරන නිවාසය අසලට ගියේය. 


ඒ අසල කුඩා නිවාසයක දවස් පඩියට වැඩ කරන... කෙනකු මුණගැසී මේ පිළිබඳව විමසන විට, අවුරුදු දිනවල ඔහුට එවැනි බල්ලකු මුණගැසුණු බවත් මේ බල්ලා තුවාල සහ සීරීම් වලින් යුක්ත වූ බවත්, තමාට හදාගැනීමට, අපහසු පොහොසත් බල්ලෙකු බව සිතී එසේ හදා ගත හැකි යැයි සිතන නිවසකට බාර දුන් බව ඔහු කීය.


ඉන්පසු ඔහු පෙන්වූ නිවසට ගිය මිතුරා ඒ පිළිබඳව විමසූ විට ඒ නිවසේ වැසියන් ඔහුට බල්ලා පෙන්වා සිටියේය. 

ප්‍රථමයෙන් මේ බල්ලා සෙවීමට ෂර්ලොක් හෝම්ස් වැඩේ කලේ බළලාගේ අයිතිකරුවන්ට උදව් වීමට ඉදිරිපත් වූ මගේ මිතුරෙකු විසිනි. ඔහු වහාම බල්ලගේ නියම අයිතිකරුවන්ගේ නිවසේ කාන්තාවට මේ පිළිබඳව දුරකතනයෙන් දන්වා සිටියේය. ඇයද වාහනය රැගෙන පැමිණියේ ය. 

එහෙත් බල්ලා දෙගිඩියාවකට පත් ව සිටින බවක් පෙනුණි. ඔහු වාහනය වටේ රවුමක් ගොස් ආපසු තමන්ගේ අලුත් නිවාසය ඇතුළට ගියේය. 

පරම අයිතිකරුවන් සහ අලුත් අයිතිකරුවන් ද  එකසේ දෙගිඩියාවට පත්වූහ. දැන් බල්ලාට නම් දෙකකි, අයිතිකරුවන් කණ්ඩායම්ද දෙකකි. 


හරියටම හුණුවටයේ කතාවේ කුමාරයා වැනිය. 


අලුත් අයිතිකරුවන් බොහෝ කණගාටුවෙන් සහ ශෝකයෙන් බල්ලා ආපසු දීමට කැමති වූහ. පරන අයිතිකරුවන් ද බල්ලා ආපසු ගෙනි යනවාදැයි දෙගිඩියාවෙන් පසු වූහ.


ටික වේලාවක් මෙසේ සාකච්ඡා කිරීමෙන් පසු අලුත් අයිතිකරුවන් බල්ලා ආපසු ගෙන යන ලෙසට පරණ අයිතිකරුවන්ගෙන් ඉල්ලා සිටියහ. බල්ලා ද ඉතා අකමැත්තෙන් මෙන් පරණ අයිතිකරුවන්ගේ වාහනයට නැග ගත්තේය. 


මෙසේ මේ බල්ලා තමන්ට හමුවූ පසු, ඔවුහු හමුවීම පිළිබඳව ඔහුගේ අයිතිකරුවන් සොයා මේ පිළිබඳව දෙවන අයිතිකරුවන්, මුහුණු පොතේ දැන්වීමක්ද පළ කර ඇති බව ඔවුනට දැනගන්නට ලැබුණි. 


එහෙත් මේ අය අප බොහෝ දෙනෙකු මෙන් මුහුණු පොතේ සමාන්තර විශ්ව යන්ගේ ජීවත් වන නිසා ඒ බල්ලගේ found දැන්වීම දැක නැත.


පරණ අයිතිකරුවන් අලුත් අයිතිකරුවන්ට යම් මුදලක් ත්යාගයක් වශයෙන් දීමට උත්සාහ කළ ද, ඔවුන් එය පිළිගත්තේ නැත. නිවසේ ස්වාමි දුව ඇඬු කඳුළෙන් ඉහළ මාලයට නගිනවා පරන් අයිතිකරුවන් දුටහ.


පරන් අයිතිකරුවන් බල්ලා පශු වෛද්‍යවරයා ළඟට ගෙන යන විට ඒ කාලේ ඔහු රැගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ කාර් එකේ නොව ්‍රීවීලර් එකක ය. ඒ පහසුව සඳහා ය. එහෙත් දැන් ඒ බල්ලා, වාහනයකට නැග හොඳින් ගමන් කිරීමට අලුත් නවාතැනේ ඉගෙනගෙන ඇති බව, හොඳින් පෙනුණි. 


සමහරවිට බල්ලාට දැන් ඔහුගේ දෙවන නිවසේ සාමාජිකයින් සිහිනෙන් පෙනෙනවා වෙන්නටත් පුළුවන.

5 comments:

  1. Me balla hurathal karanawata itha kamarhi ballkek..swamiyata ladi..dewani gedaradi adaraya no aduwa labanna athi

    ReplyDelete
  2. පැරණි හිමි කරුවන් නිසිපරිදි බලා කියාගෙන නොමැති බව පෙනේ

    ReplyDelete
  3. මෙහෙම කතාවක්, ඇහැව්වාමයි. පැරණි හිමිකරුවන් නිසි පරිදි බලාගෙන නෑ කියනවට වඩා, දෙවන හිමිකරුවන් ගෙන් ලැබුණු ආදරය, වැඩියි කියන එක හරි වෙන්නෙ පුළුවන්.

    ReplyDelete
  4. මේ බල්ලා නම් රතිඥ්ඥා ශබ්දයට බියවී පැනගොස් ඇති එකෙක් නම නොවන හැඩයි. කවුරු හරි අමණයෙක් ඔනෑවටම දැල්වූ රතිඥ්ඥා කරලක් බල්ලාගේ ඇඟට දමන්නට ඇති බවට සැක කළ හැකියි. එතරම් තුවාල සිදුවී ඇත්තේ ඒ නිසා විය හැකියි. සාමාන්‍යයෙන් ගෙදරක ඇතිකළ බල්ලෙක් අතරමං වුවත් දින කිහිපයකට පසුව හෝ තමන්ට පුරුදු ස්ථානය සොයා ගෙන එන බවයි අසා ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. මගේ තිනුත් බල්ලෙක්ට විශාල අසාධාරනයක් උනා! කියන්නත් දුකයි තාම!!

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...