Sunday, July 18, 2021

අපේ මහා මාර්ග පද්ධතියේ පියා

 



1867 වර්ෂයේ ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් ලංකාවේ අලින් පිළිබඳ ලියූ ග්‍රන්ථය පිළිගන්වන ලද්දේ ංග්‍රීසි හමුදාවේ මේජර් ස්කිනර් ට ය. 

ලංකාවේ මාර්ග පද්ධතියේ පියා යැයි කිව හැකියි මේජර් ස්කිනර් පිළිබඳව ්‍රීමත් එමර්සන් ටෙනන්ට් විසින් ලියන ලද පහත විස්තරය මේජර් ස්කිනර් ගෙන් ලංකාවේ ගමනාගමනයට සිදු වූ සේවය මනාව විස්තර කරනු ලබයි.


' ඉංග්‍රීසීන් විසින් ලංකාව තම පාලනයට ගන්නා විට පාරක් හෝ පාරක් කියයි කිව හැකි යමක් ලංකාවේ තිබුණේ නැත. දුර ගමනක් යන්නන් බොහෝවිට ගියේ  වනය මැදින් දෝලාවන්  වලින් ඔසවා ගෙන යාමෙනි. හමුදා සේනාංක බොහෝ දුෂ්කර ලෙස තම බර ආයුධ ඇදගෙන ගියහ, වෙඩි උණ්ඩ සහ අනෙකුත් සැපයුම් රැගෙන ගියේ මිනිසුන්ගේ කරවල් මතය.

එහෙත් දැන් කොළඹ සිට කඳුකරයේ අගනුවර වන මහනුවර දක්වාත් එතනිනුත් ඉහලට nuwaraliya දක්වාත් අලුත් මාර්ග සැකසී ඇත. නුවරඑළිය මුහුදු මට්ටමේ සිට අඩි හයදාහක් පමණ උසින් පිහිටා ඇති බව මෙහිදී කිව යුතුය.


එපමනක් නොවේ සැලකිය යුතු සෑම ප්‍රධාන නගරයක් ම පාහේ රටේ ප්‍රධාන නගර දෙකට මහා මාර්ග වලින් සම්බන්ධ කර ඇත්තේය. හැතැප්ම 769 ක මහා මාර්ගයක් දූපත වටා දැන් තිබේ. මේ මාර්ගයේ ප්‍රධාන නගර කිට්ටු වන විට අශ්ව කරත්ත වලට යාමට හැකි අතර ග්‍රාමීය ප්‍රදේශ හරහා අසුන් පිට සහ ඇවිදගෙන යා හැකිය.


අප ප්‍රධාන යටත්විජිතය වන ඉන්දියාව කිසිම තැනක මෙවන් මහා මාර්ග දකින්නට නොහැක. මේ සියලු මහා මාර්ග පද්ධතිය එක් මිනිසෙකුගේ සැලසුම් සහ දක්ෂතාවයද තවත් මිනිසෙකුගේ හැකියාවන් සහ උද්‍යෝගයත් නිසා සිදු වූයේ යැයි කටපුරා කියන්නට පුළුවන.


1820 වසරේ යටත්විජිත පාලකයා ලෙස පැමිණි පසු,  දූපතේ තැනින් තැන ඝණ වනාන්තර වල සහ කඳුවල බලකොටු සහ හමුදා ඛණ්ඩ පිහිටුවා ඒවා නඩත්තු කරන්න ට යන වියදම, අවශ්‍යතාවයකදී ඉක්මනින් හමුදාවට යාමට හැකියාව ලැබෙන ලෙස, මාර්ග පද්ධතියක් සකස් කිරීමෙන් බොහෝ අඩු කර ගත හැකි බව ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් හට පෙනුණේය.


ඔහු යුද හමුදාව යොදවා ඉහත සඳහන් කළ පරිදි මාර්ග පද්ධතියක් නිර්මාණය කර සංවර්ධනය කළේය. මෙය දූපතේ ආරක්ෂාවට පමණක් නොව එහි සංවර්ධනයට ද බොහෝ ඉවහල් විය. ඔහුගේ අග්‍රාණ්ඩුකාර ධුරයේ කාලය අවසන් වීමට පෙර  මෙම සිහිනය ඉතාමත් සාර්ථක ලෙස ඔහුට සැබෑ කරගැනීමට හැකි විය.


ඔහුගේ මෙම ්‍යාපාරය සැලසුම් කරන්නට පටන් ගත් දා සිට එහි සෑම අවධියක දී ම තවත් නිලධාරියෙක් ඔහු පසුපසින් සිටියේය. ඒ දැනට ලංකාවේ මාර්ග කොමසාරිස්වරයා වන මේජර් ස්කිනර් ය.


මෙම යටත් විජිතය එහි සශ්‍රීකත්වයට වඩාත්ම ණයගැති වන්නේ මේ මිනිසාටය."

ඔවුන් ඒ එක පාරක්වත් සාදන ලද්දේ ණයට අරගෙන නොවේ. 

"

1 comment:

  1. අපි අවුරුදු හැත්තැවක් පාලනය කරපු පාලක පන්තියට බැන්නට , මේ ගොල්ලෝත් මේ අපේ ආර්ථික සමාජීය වින්නැහියට වගකිවයුතුයි. මෙයාලා පියා ලා වාගේ තත්වයේ දැමීම කොච්චර සදරණද මන්දා ? රට යටත් කරගන සිට එය අත්හැර දමා ගියා නම් ඔබ තාමත් මෙහි සිටිනම් ඔබ අයත්වන්නේ යටත් වුවන්ටය. මුලින්ම පරාද වුවන්ටය. සතුරන්ටය. සතුරා පියා වුයේ කොහොමද ? දැනට ඔබලා රණවිරුවන් ලෙස ජය ලබා ඇති විට පරාජය වුවන් ඔබලා පියවරුන් ලෙස සලකනු ලබන්නේද ?
    අපි අපේ පොලවට හා ලෙයට හරියන පරිපාලනය කළමනාකරණය ස්ථාපිත කරගැනීම විනා , අපිව සුද්දකර අපේ දේවල් මානාව උන්ගේ රටට ගෙනයාමට හදපු පාරවල් සැදීම වෙනුවෙන් මල් මලා දැමීම කොච්චර ගොච්රද ? මේ පාරවල් මද අපට අවශ්‍ය ? මේ පාරවල් හැර වෙනත් විදිහක් නැද්ද ? ඉස්සර අපි ස්වයං පෝෂිත නිසා හා ජනගහනය අඩු නිසා හා වාහන නොතිබූ නිසා පාරවල් අවශ්‍ය නොවුනා මිස හා සුද්දා කරපු දේවල් දිගටම කිරීමට පාරවල් අවශ්‍ය උනා මිස . නියම විශ්ලේෂණයක් නොකර , මේ අවජාත පියවරුන් නම් නම් කිරීම මෝඩ කමක් නොවේද ?

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...