Tuesday, January 12, 2021

මහාවංශය 2 විජය කුමරුගේ පැමිණීම ,

 


 1 (6)[1].විජය කුමරුගේ පැමිණීම.

 


 

ඉන්දියාවේ වගු රටෙහි අගනුවර විසූ, වගු රජුගේ බිසව වූයේ, කාලිංග රටෙහි විසූ රජුගේ දියණියයි. මෙම වංග රට යනු, වර්තමානයේ ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ බංගලාදේශය පිහිටි ප්‍රදේශයයි. කාලිංගය යනු ඉන්දියාවේ නැගෙනහිර %%දේශයේ පිහිටි දැන් ඔඩීෂා, අන්ද්‍රා සහ චතිස්ගාර් යන ප්‍රදේශයන්ය.

 

මෙම කාලිංග රටෙහි අධිරාජයා සහ එම දේවියට අතිශයින් රූමත් දියණියක සිටියාය. ඇයගේ නොමනා හැසිරීම් නිසා, රජු සහ බිසව, ඇයව පිලිකුල් කලහ. ඇය අනාගතයේදී සිංහයෙකු සමග ජීවත්වන බවට රාජ්‍ය  දෛවඥයන් අනාවැකි කිම මෙයට තවත් බලපෑවේය.

 

 දිනෙක ඇය තනිවම, ස්වාධීන ජීවිතයක් සොයා, මාලිගයෙන් පිටවූවාය. හොර රහසේම මගධ බලා යන ගැලකට[2] එකතු වූවාය. අතරමග ලාල රටේ ඝණ වනයකදී, සිංහයෙකු ගැලට පහරදුනි. ගැලෙහි සිටි අනෙක් පිරිස්, සිංහයාට බිය වී, උගෙන් ඉවතට පලා ගියත්, කුමරිය සිංහයා එන දෙසට දිවගියාය.

 

සිංහයා ගොදුරු ඩැහැගෙන, ගැලෙන් ඉවතට යද්දී, ඇය දැක ගැන ආදරයක් ඇති වී, වලිගය වනමින්, කන් පිටුපසට කරගෙන වෙත පැමිණියේය. දැක, ඇයට අනාගතය කියන්නන්ගේ අනාවැකිය[3] සිහිවිය, නිසා ඇය නොබියව සිංහයාව ස්පර්ශ කලාය.

 

ඇයගේ ස්පර්ශයෙන් මහත් සේ ඇවිස්සුනු සිංහයා, ඇයව පිට මත හිදුවාගෙන, උගේ ගල්ලෙන වෙත පිමිමේ දිව්වේය. මොවුනට නිසි කල, නිවුන් දරුවන්[4]; කුමරෙකු හා කුමරියකු, ලැබුණි.

 

පුතාගේ අත් පා, සිංහයෙකුගේ මෙන් ශක්තිවන්තව පිහිටා තිබූ හෙයින් මෑණියෝ ඔහු සිංහබාහු ලෙස නම් කලාය. ඇගේ දියණිය සිංහ සීවලී ලෙස නම් කලාය. තරුණ කුමාරයාට වයස අවුරුදු දාසයක් වන්නේ තමන්ගේ මව සහ පියාගේ ස්වාභාවයේ වෙනස පිලිබඳව සැකයක් ඇතිවී මෙසේ ඇසීය.

 

දයාබර මෑණියනි ඔබ සහ අපේ පියා පෙනුමෙන් මෙතරම් වෙනස් ඇයි?˜

 

ඇය එම වෙනසට හේතුව ඔහුට පැහැදිලි කලාය.

 

අප මේ ගල් ගුහාවෙන් පිටතට නොයන්නේ ඇයි?˜ ඔහු ඇයගෙන් තවදුරටත් විමසීය.

 

ඔබගේ පියා මෙම ගල්ගුහාවේ දොරටුව සැමවිටම  පිටතට යන විට මහා ගලකින් වසා දමන්නේය.˜ ඇය පැහැදිලි කලාය.

 

මෙය ඇසූ ඔහු දොරටුව වසා තිබූ එම ගල ගලවා තම උරහිස මතට ගෙන එක් දිනයකම යොදුන් පනහක්[5] කැලයේ ගමන් කර, ආපසු පැමිණියේය.

 

එක් දිනෙක සිංහයා දඩයමේ ගියපසු සිංහබාහු කුමාරයා තම මව දකුණු උරහිස මතද  සොහොයුරිය වම් උරහිස මතද තබාගෙන ගල් ගුහාව අත්හැර පිටව ගියේය. ඔවූහු ඇඳුම් නොමැති නිසා  ගස්වල අතු කඩාගෙන විලි වසාගෙන වනය අසල ගමකට පැමිණියහ. වගු රට දේශ සීමාවේ පිහිටි මෙම ප්‍රදේශය  මෙකල පාලනය කලේ, සිංහබාහු කුමරුගේ මාමා කෙනෙකු වූ වගු රජුගේ සෙන්පතිගේ පුත්කුමරුය. ඔහු මේ පිරිස හමුවන විට නුග ගසක සෙවනේ සිට යම් කර්මාන්තයක් මෙහෙයවමින් සිටියේය. ඔවුන් දුටු ඔහු  ඔවුන්ගේ වග තුග ඔහු විමසා සිටියේය.

 

අප වනයේ වෙසෙන්නන් වෙමු˜ මව් කුමරිය පිළිතුරු දුන්නාය.

 

%%ධානියා ඔවුනට ඇඳුම් දෙන ලෙසට තම සේවකයන්ට උපදෙස් දුන්නේය. ඉන්පසු ඔවුනට ගසකින් කඩාගත් කොළවල දමා ආහාර දීමට සැලස්විය. මෙම කොළ ඔවුනට දුන්පසු රනින් කල භාජන බවට පත්වීම වැනි ප්‍රාතිහාර්යය සිදුවූ බව සදහන් වේ. පුදුමයට පත් වූ කුමාරයා තොප කවුරුන්ද,” කියා ඇසීය.

 

මව් කුමරිය තමන්ගේ සත්‍ය  විස්තරය ඔහුට පැහැදිලි කලාය. එම කුමාරයා, මව් කුමරිය තම නැන්දනියගේ දියණිය බව වටහා ගෙන, ඇය සමග වගු නුවර වෙත ගොස් එහි ජීවත්විය[6].

 



[1]  මුල් මහා වංශයේ පරිච්ඡේදය 6 වන අතර  මුල් පරිච්ඡේද 6 ලංකාවේ රාජ්‍ය ඉතිහාසයට සම්බන්ධයක් නැති නිසා මෙම පොතෙහි ඇතුලත් කර නොමැත.

[2] අතීතයේ බොහෝ විට ගොන්නු හෝ ඔටුවන් යොදා ගෙන, දුර බැහැර ප්‍රදේශවල කණ්ඩායම් වශයෙන්  වෙළදාම් කරන්නන්.

[3] අනාවැකි ලාංකීය ඉතිහාසය බොහෝ සේ වෙනස් කර ඇති බව පෙනේ. මේ විශේෂයෙන්ම අනාවැකියට විෂය වූ පුද්ගලයා සහ ඔහු වටා සිටින්නන්  එය පිලිගෙන ක්‍රියාත්මක කරන්නට යාමෙනි.

[4] මෙලෙස සිංහයෙකු හා ගැහැණියකට ජීව විද්‍යාත්මකව දරුවන් සෑදිය නොහැකි බැවින් මෙම සිංහයා යැයි හැදින්වෙන චරිතය එකල කැලෑවල ජීවත් වූ ගැල් පහරන්නෙකු යැයි සිතිය හැක.

[5] මෙම දුර සැතපුම් 400 ක් පමණ වන අතර විශ්වාස කිරීමට අපහසු දුරකි. බොහෝ විට අතිශෝක්තියක් වන්නට පුලුවන.

[6] මෙලෙස එම මහ රජුගේ දූ කුමරිය බොහෝ කලකට පසු මුණ ගැසීත් දෙමව්පියන්ට නොදන්වා සිටීන්නේ සමහරවිට ඇය ඒ වන විට වංශයෙන් ඉවත් කර තිබීම වෙන්නට පුළුවන.

1 comment:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...