Tuesday, December 1, 2020

ෆාහියන් ගේ ගොවිතැන

 


පාහියන්ගේ ගොවිතැන

සුප්‍රසිද්ධ පාහියන් භික්ෂුව        ශතවර්ෂයේ චීනයේ වුයෑන්ග් ප්‍රදේශයේ උපත ලැබුවේය. ඔහුට වැඩිමහල් සහෝදරයන් හතර දෙනෙකු සිටියද, ඒ හතර දෙනාම ඔවුන්ගේ පළමු දත් වැටීමට පෙර මිය ගියහ. මෙයින් බියට පත්වූ ඔහුගේ පියා ඔහු බුද්ධ ශාසනයට කැප කළේය. එකල චීනයේ තිබූ ක්‍රමයට ඔහු සාමනේර කෙනෙකු බවට පත්ව එහෙත් නිවසේ වාසය කළේය. ටික කලකින් ඔහුද රෝගාතුර වූ පසු පියා ඔහු ආශ්‍රමය වෙත රැගෙන ගිය අතර, එහිදී ඔහු සුවපත් වුවත් නැවත දෙමව්පියන් වෙත යාම ප්‍රතික්ෂේප කළේය.

ඔහුට වයස 10 ක් පමණ වූ විට ඔහුගේ පියා මිය ගියේය. හුදකලා හා අසරණ වූ ඔහුගේ මව ගැන සිතා ඔහුගේ මාමා කෙනෙකු ඔහුගේ ආශ්‍රම ජීවිතය අවසන් කර, ආපසු නිවසට පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.

“මම ආශ්‍රමයට පැමිණියේ දූවිල්ලෙන් සහ නරක ජීවිතයෙන් ගැලවීමට මිස, මගේ පියාගේ අදහසට ගරු කිරීමට නොවේ. මා සාමණේරයෙකු වුයේ ඒ නිසාය.”

ඔහුගේ පිළිතුරට ගරුකල ඔහුගේ මාමා ආපසු ගියේය. ටික කාලයකින් ඔහුගේ මව මියගිය පසු පාහියන් දරුවා, ඇයට කොතරම් ආදරය කලේ දැයි සියල්ලන්ටම දැක ගන්නට හැකි විය; නමුත් ඇය වල දැමීමෙන් පසු ඔහු ආපසු ආශ්‍රමය වෙත ගියේය.

වරෙක ඔහු තවත් සාමනේරයන් සමූහයක් සමඟ පන්සලේ කුඹුරේ ගොයම් කපමින් සිටියේය. එහෙත් බඩගින්නේ පසු වූ හොරුන් කණ්ඩායමයක් එතනට පැමිණ, ඒ වී කරල් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කළහ. හොරුන් දැක බිය වූ අනෙක් සාමනේරයන් පන්සල වෙත පැන දිවූහ. එහෙත් පාහියන් සෙලවුනේවත් නැත.

“නුඹලා පෙර මෙලෙස අනුන් ගැන නොසිතා කරන ලද වැරදි නිසා, මේ තත්වයට දැන් පත්ව ඇත්තේය. එලෙසම නුඹලා වර්තමානයේත් ඒ වැරදි වැඩම කරති. ඒ නිසා අනාගතයේත් නුඹලාට මෙලෙසම දුක් විදින්නට සිදුවෙයි; මම නුඹලා ගැන කල්තියාම කනගාටු වෙමි.”

යනුවෙන් පවසා තනියම පන්සල වෙත ගියේය.

ඔහුගේ උපදෙස් වලට කන්දුන් හොරු කණ්ඩායම වී කෙතේම තබා ආපසු ගියේය.

ආපසු ආශ්‍රමයට ගිය පාහියන් භික්ෂුවට ආශ්‍රමයේ සිටි සිය ගණනක් සහෝදර භික්ෂුහු, ඔහුගේ එඩිතරකම සහ අවස්ථාවට උචිත හැසිරීම පිළිබඳව බොහෝ ප්‍රසංශා කළහ.

ඔහුගේ ආධුනික භික්ෂු පුහුණුව අවසන් කල පසු ඔහු පුර්ණ භික්ෂුවක් බවට පත් වූ අතර ඔහුගේ එඩිතරභාවය, තීක්ෂණ බුද්ධිය, දැඩි විනය සහ මනා පෙනුම නිසා ඔහු කැපී පෙනුනේය. මේ නිසාම විනය පිටකය පිටපතක් ලබා ගැනීම සඳහා ඔහු ඉන්දියාවට පිටත්කර හැරිණ. ක්‍රිස්තු වර්ෂ 399 – 412 දක්වා මධ්‍යම, දකුණු සහ ගිනිකොණ ආසියාවේ බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගනිමින් පයින්ම ගමන් කල ඔහු, ආපසු යන ගමනේදී ලංකාවේ සිට චීනය බලා නැවකින් ගමන් කළේය. එම බෞද්ධ පොතපත චීන බසට පරිවර්තනය කරමින් සිටියදී වයස 88 ක් වූ ඔහු මිය ගියේය.          

4 comments:

  1. පාහියන් භික්‍ෂුවක් බව දැන සිටියත් මා සිතා සිටියේ ඔහු වන්දනාවේ හෝ සංචාරයේ ආ අයෙකු ලෙසයි. ඔහු පොත් රැගෙන ගිය බව අසා තිබුණේ නෑ.

    අර හියූ නෙවිල් පොත් අරගෙන ගියාය කියා කෝප වෙන අය පාහියන් පොත් අරගෙන ගිය බව දැන ගත්තොත් චීන්නු සමගත් කෝපවේවි!

    ReplyDelete
    Replies
    1. විනය පිටකය සඳහාමයි ඇවිල්ල තියෙන්නෙ

      Delete
  2. කාලෙකින් ආවේ. මේක ප්‍රවේසමෙන් බලන්න ඕනේ. එල්.පී.එල්. හින්දා විවේකය අඩුයි.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...