Tuesday, March 5, 2019

මාකඳුරේ මදුෂ් සහ පොලිසිය ඩොට්ස් කනෙක්ට් කිරීම





ඊයේ, 6 වෙනි අඟහරුවාදා, ස්වර්ණවාහිනියේ ප්‍රවෘති  ; අපේ ගෙදර ස්වර්ණවාහිනියේ ප්‍රවෘති බලන්නේ කාලයක් පරීක්ෂණ කර වඩාත්ම අපක්ෂපාති චැනලය ලෙස තොරගෙනය, බලනවිට අපුරු ප්‍රවෘතියක් නරඹන්නට ලැබුණි. අයවැය පටන්ගැන්ම ඊයේ නොතිබුනානම් මෙය අනිවාර්යයෙන්ම ප්‍රධාන ප්‍රවෘතිය වනු නොඅනුමානය. ඒ ප්‍රවෘතිය  මේ දිනවල ලනාවේ ප්‍රධාන ප්‍රවෘති වන මාකඳුරේ මධුෂ් ගෙ ගොලයෙකූ  අල්ලා ගැනීම පිළිබඳවයි.කැලුම් AKA කලුමා නමැති මෙම පාතාලයා ළඟ තබි අසුවුන මැණික් ස්වර්ණාභරණ දියමන්ති රන් බ්ස්කට් සහ මුදල් මේසයක තබා ප්‍රදර්ශනය කෙරින. තව ප්‍රදර්ශනය නොකරන ලද වස්තුව කොපමනදැයි අපට අමාරුවෙන්  සිතාගන්නට පුළුවන. පෙන්නන ලද වස්තුව අයිස් කුට්ටියේ මුදුන යය සිතාගැනීම සාධාරණය. මෙය ලකී ලුසියානෝ දුටුවේ වුවද ඔහුද ගෝඩ් ෆාදර් එනෙකු ලෙස ඉර්ශයාවට පත්වනු ඇත.

මාකඳුරේ මදුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වන්නේ පසුගිය පෙබරවාරි 4 වෙනිදාය. ඒ කියන්නේ දැනට මාසයකට පමණ පෙරය. ඔහු ඇල්ලීමට ලංකාවේ පොලිසිය කිසිම සම්බන්ධයක් නැතිවා පමණ නොව ඔහු අත්අඩංගුවට පත්වූ සාදයේ පොලසියේ කවුරුන් හෝ සිටි බවටත් ප්‍රවෘති තැන තැන සැරිසරයි. ඔහු අල්ලනවා තබා මෙතෙක් කාලයකට ඔහු සම්බන්ධ නඩුවක් ගොඩනඟා ඔහු අල්ලාදෙන ලෙස අන්තර්ජාතික පොලිසිය හරහා රෙඩ් නෝටිස් එකක්වත් යවා නැත. මෙය හිතාමතා රාජකාරිය පැහර හැරීමක්ද එසේත් නැත්නම් හරයට වැඩේ අරගන්නට තේරුමක් නැති කමද යන්න පැහැදිලි නැත.

කෙසේවුවත් හැමදාම මදුෂ් ගැන මෙහෙ කතාකරම්න් සිටියද ඔහු අල්ලා ගැනීමට එතරම් ඕනෑ කමක් තිබුණු බවක් නම් පෙනෙන්නට නැත. මාකඳුරේ මදුෂ් මෙහි පසුගිය වසරේ වූ සෑම පාතාල අපරාධයකටම පාහේ සම්බන්ධ බව කියූ පොලිසිය ඔහු අල්ලාගෙන ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු නොකිරීම ඇත්තෙන්ම පුදුම සහගතය. මාකඳුරේ මදුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් ජනාධ්පතිවරයා මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීමට පොලිස්පතිවරයා ගෙන් දුර කතනයෙන් විමසුවිට ඔහු ඒ පිළිබඳව  දෑන නොසිටි බව තමන්  දැනගත් බව ඩේලිමිරර් පුවත්පත වාර්තාවද මේ පිළිබඳ අප පොලිසියේ නොදනුවතම පැහැදලිවම පෙන්වයි.

මේ සියල්ලටම වඩා අප ; බදු ගෙවන්නන්, පුදුම වියයුතු එසේම ශෝක  වියයුතු  කරුණ මතුවන්නේ ඊයේ කැලුම් අල්ලා ගත්ව්ටය. ඒ ලංකාවේ පොලිසිය සහ රහස් තොරතුරු ආයතන තිත් යාකිරීමට ඇති අකමැත්ත, එසේත් නැත්නම් නොදැනීම දුටුවිටය.. මාකඳුරේ මදුෂ් ඩුබායි හිදී අල්ලා ගන්නේ දැන් මාසයකට පෙරය. ඊට කලින් ඔහු ගැන පොලිසිය හැමදාම අපට කීයන්නේ අවුරුදු කිහිපයකට පෙර සිටය. මේ ඊයේ අල්ලපු කැලුම් ස්වර්ණවාහිනියට අනුව මාකඳුරේ මදුෂ් සමග එකට වැඩකර ඇත්තේ දශයකට දෙකකට පෙරය. ඒ මාකඳුරේ මදුෂ් රීයදුරු වූ බසයේ කොන්දොස්තර ලෙසටය. ඔවුන් දෙදෙන මුදල් වංචාවකට අසුවී එකට රිමාන්ඩ වී සිට ඇත. මාකඳුරේ මදුෂ් මේ තරම් පාතාල නායකයෙක් නම් පොලිසිය ඔහු ගැන දැනගත් වටම කළයුතුව තිබුනේ ඔහු ගැන සොයා බැලීමය. ඔහු කුඩාකල සිට ආශ්‍රය කලේ කවුදැයි පරික්ෂාකර බලා ඔවුන් පිළිබඳව ප්‍රවේශමෙන් සොයාබැලීමය. ඔවුන් එසේ, ඒ කිසිම ගෙදර වැඩක්, කර නොමැති බව දැන් පැහැදිලිව පෙනේ. ඔවුන් එසේ කලානම් මේ සියලු දෙන ගේ නිවෙස්  පරික්ෂා කීරීම කළයුතුව තිබෙන වසර ගණනකට පෙරය..
මේ සීයලු දෙන මෙයට බොහෝ කලකට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලබාගන්නට ද තිබුණි.
මේ පෙනෙන විදිහට නම් පාතාලය මර්ධනය කිරීම පොලිසියට ඉතාමත් දුෂ්කර කාර්යයක් වන බවට කිසිම සැකයක් නැත. ඒ ඔවුන් රහස් තොරතුරු එකතු කිරීම, ඒවා විශ්ලේෂණය සහ අවශ්‍ය තැන් වලදී යොදාගැනීම කරන ආකාරය බොහෝ දුර්වල බව පෙනෙන බැවිනි.
පාතාලය මර්ධනය කිරීමට ඇත්තෙන්ම ඕනෑ කමක් තිබේ නම් පොලිසිය තිත් සම්බන්ධ කිරීමට උගත යුතුය. They must learn to connect the dots, at least the obvious dots.  

6 comments:

  1. police .... they work for them sir ....

    ReplyDelete
  2. good analysis commander. i noted few unusual spelling mistakes.but no harm done on the content.

    ReplyDelete
    Replies
    1. that something wrong with my laptop ,once in awhile it will not type k and i

      Delete
  3. කාකිපාට ඩොට් මඟහැරියම ඉතුරුවා යාකරගන්න බැරි ඇති. ආයුධ පෙන්වීමට කැඳවාගෙනයාමේ ඔප්ෂන් ඒක දුන්නා නම්, තත්වය සස්ටෙයිනබල් මට්මමකට ගෙනැවිත් දේවි.

    ReplyDelete
  4. දැන් වැඩේ මේකනේ ඇඩ්මිරල්, වෛද්‍ය රුවන් සෑර් ලියල තියෙන විදියට 'පොලිසියට පාතාලය සමතලා කරන්න පුලුවන් -නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි' ඒත් ප්‍රශ්නේ සමතලා කරන්ඩ පුලුවන් කෂ්ටියට උන්ව අල්ලන්ඩ බැරි එක තමා.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. උන්දැගේ පිස්තෝලෙත් ඉස්සුවා නේද කාලෙකට කලින්

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...