Monday, December 5, 2016

ඕනෑතරම් කරන්නට දේවල් තිබියදී ආයාචනය කරමින් සිටීම.







ඊයේ රාත්‍රියේ අපේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී දීර්ඝ විවෘත ආයාචනයක් කරනු ප්‍රවෘත්තිවල දක්නට ලැබුණි. එහිදී ඔහු ආයාචනය කළේ විශේෂඥ වෛද්‍යවරුන්ට, සාමාන්‍ය වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියනටය. ඔහු ඉහත රැකියාවල් කරන ශ්‍රී ලාංකිකයිනට පුහුණුවෙන් පසු වෙනත් රටවලට සේවයට නොයන මෙන් ආයාචනය කළේය. 

ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා එසේ ආයාචනය කල යුතුද? නැත. මක් නිසාද ඉහත සදහන් කල සියලුම වෘතිකයින් පුහුණුව ලබන්නේ අහිංසක දුප්පත් ශ්‍රී ලාංකිකයින් කෙලින්ම හා වක්‍රාකාරයෙන් ගෙවන බඳු මුදලින් නිසාවෙනි.  

එලෙස පොදු ජනතාවට අයත් යමක් අපි ගන්නා විට එය ආපසු පොදු ජනතාවට ලබා දීමට, එසේත් නැත්නම් නැවත ආපසු බාර දීමට අපට වගකීමක් ලැබේ. එසේ අප යම් කෙනෙක් එම වගකීම ඉටු කරන්නේ නැත්නම් ඔවුන් වංචාකාරයන් සහ හොරු වන්නෝය. එවැනි වංචනික මනස් තිබෙන පුද්ගලයන්ට ආයාචනය කිරීමෙන් වැඩක් වන්නේ නැත. එැනි වංචනිකයින් ගෙන් ඔවුන් සමාජයෙන් ලබාගත් දෑ ආපසු සමාජයට ලබාදීමට නීති ඇතිකල යුතුය. එම නීති තදින් ක්‍රියාත්මක කල යුතුය. 

මෙලෙස අහිංසක පොදු ජනතාවගේ බඳු මුදල් තම ප්‍රයෝජනය සදහා පාවිච්චි කර එය ආපසු ගෙවන්නේ නැතිව හොරෙන්ම වෙන රටකට ගොස් තම රටේ පොදු ජනයා ඔවුන්ගේ වියදමින් ලබාදුන් රැකියා පුහුණුව විකුණා තමන්ට සුඛ විහරණය ලබා ගැනීම හා ජනතාවට අයිති පොදු දේපොල සොරකම් කිරීමෙහි හා කිසිම වෙනසක් නැත්තේය. 

ඇත්තේ එක වෙනසක් පමණි. ඒ පොදු දේපොල සොරකම් කිරීමකදඒ  අලාභය කරන ලද තැනැත්තා ගෙන් අයකර ඒ පාඩුව එසැනකින්ම ප්‍රකෘති තත්වයට ගෙන ඒමට ඇති හැකියාවයි. නමුත් වෛද්‍යවරයෙකු හෝ හෙදියක එසේ රට හැර ගියහොත් ඔවුන් ගෙන් මුදල් අයකර ගෙන හෝ එම අලාභය මකා ගැනීම සදහා අලුතෙන් වෛද්‍යවරයෙකු හෝ හෙදියක සාදා ගැනීමට තවත් අවුරුදු 5/3 ක් ගත වීමයි. 

මේ සියලු කාරණා දෙස බැලූ විට දැනටමත් එවැනි නීති නැත්නම් රජය විසින් පහත මූල ධර්මය මුල් කරගත්  නීති පද්ධතියක් ඇති කිරීමට පොදු ජනයාට වගකීමක් තිබේ. 

රටේ අත්‍යවශ්‍ය හැඟෙන සේවාවන්හි සේවය කරන ජනතාවගේ මුදලින් අධ්‍යාපනය සහ පුහුණුව ලත් සෑම වෘතිකයෙකුම අ.පො.ස.උසස් පෙලෙන් පසුව ඔහු හෝ ඇය සදහා රජය වියදම් කරන ජනතාවගේ මුදල් නියමිත කලට පෙර සේවයෙන් ඉවත් වන්නේ නම් ආපසු ගෙවිය යුතුය.  
එසේම ඔහුගේ වෘතියේ යමෙකු පුහුණු කිරීම සදහා අවශ්‍ය වන කාලය උදා:- වෛද්‍යවරයෙකු නම් අවුරුදු 5 කට පෙර, තමන් අවුරුදු 5 ක කාලයකින් සේවයෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බව දැන්විය යුතුය.  

මෙම ජනාධිපතිතුමාගේ ආයාචනයේදී, වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණු කර ගැනීමට කල් ගතවන නිසා මෙලෙස වෛද්‍යවරුන් සහ හෙදියන් රට හැරයාම රට මහත් දුෂ්කරතාවයට පත් කරන ඔහු කියා සිටියේය. 

මේ දුෂ්කරතායන් ජාතියෙන් මඟහැරීමටද ක්‍රියාත්මක කල හැකි පිළියම් කිහිපයක්ම ඇත්තේය. එයින් සමහරක් ඉතාමත් පැහැදිලිය. 


  • පෞද්ගලික විශ්ව විද්‍යාල සහ ලාභ නොලබන රජයේ නොවන විශ්ව විද්‍යාල ඇති කරන්නට ඉඩ දී හැකි තරම් වෛද්‍යවරුන් ඇතිකර අහිංසක දුප්පත් මිනිසුන්ගේ බඳු මුදල් වියදම් නොකර පුහුණු කරවා ගැනීම.  
  • එලෙසම හෙද හෙදියන්ද පුහුණු කර උපාධියක් ලබාදීම සදහා රජයේ නොවන ආකාරයෙන්ම හෙද පාසැල් ඇති කිරීම ධෛර්යමත් කිරීම. 
  • පිටරටවල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ලංකාවේ වෛද්‍ය සභාවෙන් පිළිගෙන ඇති වෛද්‍ය විද්‍යාල වල අධ්‍යාපනය ලබා අවසන් කරන සිසුන්ට ලංකාවට පැමිණ බොරුවට රවුමේ ගෙනයන විභාග නවත්වා කෙලින්ම සේවයට බඳවා ගැනීම. 


පොදු ජනතාව රජයක් පත් කරන්නේ ඔවුන් වෙනුවෙන් මෙවැනි නිවැරදි එමෙන්ම දුරදක්නා දෙය කරන්නටය. එසේ නැතිව ගඟට ඉනි කපමින් ඒවාට ආයාචනය කරමින් ඉන්නට නොවේ.  


  

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ වෛද්‍ය සභාවෙන් පිළිගෙන ඇති වෛද්‍ය විද්‍යාල වල අධ්‍යාපනය ලබා අවසන් කරන සිසුන්ට ලංකාවට පැමිණ බොරුවට රවුමේ ගෙනයන විභාග නවත්වා කෙලින්ම සේවයට බඳවා ගැනීම. // ඒක නම් නුවනට හුරු නෑ, පැරණි සමාජවාදි රටවල සමහර විශ්ව විද්‍යාල වල බඳවා ගැනීම්, විභාග පාස්කරවීම් වලට අපේ වර්තමාන රුසියානු තානාපති වරයා වගේ ඒජන්ත වරුන් කළ බලපෑම් දන්නා නිසා පිටින් එන වෛද්‍ය වරුන්ට ඇගයීම් විභාගයක් පැවැත්වීම සුදුසු බව අපේ ශරීර වලට ගුණදායක බව මගේ අදහසයි, ඔය විභාගය නොතිබ්බානම් මෙලාකට ඒ වෛද්‍ය උපාධි කුජීතම වෙලා අහවරයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. නිදහස් අධ්‍යාපනය වෙනුවේන මරාගෙන මැරෙන එකෙක්වත් මේවා වෙනුවෙන් කතා කරන්නේ නැහැ.කාෂි කර්ම හා මත්ස්‍ය ජීව විද්‍යා හා ධිවර උපාධිධාරන්‍ේග තඛාවක් මේකමයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.ජනතාව වෙනුවෙන් කවුරුත් නෑ. වොයිස් තියෙන උප කුලක ගැන විතරයි බලන්නෙ

      Delete
  3. //පිටරටවල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ලංකාවේ වෛද්‍ය සභාවෙන් පිළිගෙන ඇති වෛද්‍ය විද්‍යාල වල අධ්‍යාපනය ලබා අවසන් කරන සිසුන්ට ලංකාවට පැමිණ බොරුවට රවුමේ ගෙනයන විභාග නවත්වා කෙලින්ම සේවයට බඳවා ගැනීම.//
    පිටරට ඉගෙනගෙන පැමිනි වෛද්‍ය වරුන් පන් සියයක් පමණ සමග වැඩ කර අත්දැකීම් මට තිබෙනවා. ඔබේ යෝජනාව නම් ටිකක් භයානකයි.

    පිටරට ගොස් නැවත නොපැමිනි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 80% ක් විතර ඔවුන්ගෙ බැඳුම්කර මුදලවත් ගෙවන්නෙ නැහැ.

    ReplyDelete
  4. ඇඩ්මරල් ගේ කතාව හරි.
    අවම සේවා කාලයක් හරි ආපසු මුදල් ගෙවීමක් හරි තිබෙනවානම් බොහොම අගෙයි.
    ඒ වගේම රාජකාරියක් කරන කෙනාට එය හිතට එකඟව නීතියට කිරීමටත් අවස්ථාව ලබා දිය යුතුයි. කලකිරීම නිසා විදේශ ගතවන ප්‍රමාණයකුත් ඉන්නවා.
    හැබැයි පිටින් ගෙනෙන සුදුසුකම් හරියට පරික්ෂා නොකරන එක නම් වැරදියි. ඒ වගේම ඒවාට බොරුවට රවුමේ ගෙනයන ක්‍රම නොදා එවැනි අය ඉක්මනින් අපේ පිරිවිතරයන්ට හදාගන්ඩත් ක්‍රම හැදෙන්ඩ ඕනේ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...