Thursday, December 1, 2016

නොතේරෙන්නට ආශිර්වාද ලබා ගැනීම.











දැන් අවුරුදු කිහිපයක වේලේ පටන් ලංකාවේ ඕනෑම තැනක පාරකට බැස්සොත් ඒ පාරේ අලුත් නිවසක් හදනවා නම්; අඩු තරමින් ගෙදර ලොකු බැම්මක් වත් හදනවා නම් අනිවාර්යය මෙන් අපට කියවන්නට යමක් දැකිය හැක. මගේ නිවස ආසන්නයේම අලුතෙන් හදන නිවසක එලෙස කියවන්නට එකක් නොව දිශා දෙකට දෙකක්ම සවිකර තිබේ. ඒ ‘මේ නිවසට බුදු සරණයි, දෙවි පිහිටයි‘ යන පාඨයයි. 

අවුරුදු කිහිපයකට පෙර පටන් ගන්නා කාලයේ කුඩා ලෑලි කැබැල්ලක හෝ කාඩ්බෝඩ් කැබැල්ලක අතින් ලියා, බොහෝ විට චෝක් කෑල්ලකින් හෝ කලුපාට තීන්ත ටිකකින් ලියා එල්ලූ මේ බෝඩ් එක දැන් බොහෝ දුරට නවීකරණය වී ඇත්තේය. 

දැන් ඩිජිටල් ක්‍රමයට චීනයෙන් ආනයනය කරන ලද ප්ලාස්ටික් රෙද්දක චීනයෙන් ගෙන්වන ලද වර්ණ තීන්ත යොදා ජර්මනියෙන් ආනයනය කරන ලද මැෂිමකින් මුද්‍රණය කරන ලද විශාල ප්‍රමාණයේ දැන්වීම් මේ සදහා භාවිතා කරනු ලබයි. දවසකට එල්ලන ආයාචනා දැන්වීම් ගණන සලකා බැලූ විට මුලු වියදම සුලු පටු විදේශ විනිමය ප්‍රමාණයක් නොවේ. 

මේ එල්ලන' බුදු සරණයි දෙවි පිහිටයි' දැන්වීම් එල්ලන්නේ කුමක් සඳහාද? මෙසේ එල්ලන්නට හේතු මොනවාදැයි සාකච්ඡා කර බලමු. 


  1. ගෙදර නිවැසියන් ඔවුන්ගේ නිවසට පිහිට පතා කරන කන්නලව්ව පිහිට ලබා දෙන අයට පෙනෙන්නට සැලැස්වීම - සිතෙහි ඇති වූ සැනින්ම ඒවා දෙවියන්ට දැන ගැනීමට පුලුවන් නිසා වියදම් කර කරදර වී එල්ලීමට අවශ්‍යතාවයක් නැති නිසා මේ හේතුව විය නොහැක. 
  2. සෑදෙමින් පවතින ගෙදර දෙස අසල්වාසීන් බලා එයට ඇස්වහ කිරීමට වැලැක්වීමට ඔවුන්ගේ බැල්ම සෑදෙන නිවසට වැටීම මග හරවා පුවරුව දෙසට හැරවීම- මෙම පුවරු එල්ලීමේ පුරුද්දේ මුල් කාලයේ විහිලු රූප යනාදිය ඇඳ බෝඩ් එල්ලීම සිදු කරනු මා දැක ඇත. සමහර විට විසුලු මුහුණක් වැන්නක් එකල මේවායේ ප්‍රදර්ශනය කෙරුණි.
  3. මෙය නිවෙස් හදන විට කල යුතු ජාතික සංස්කෘතික අංගයක් යැයි හිතාගෙන කිරීම - සමහර විට 5% ක පමන ප්‍රමාණයක් මෙලෙස සිතන අයද ඉන්නට පුලුවන. 
  4. කරන්නන් වාලේ කිරීම - අසල්වැසියන් මෙසේ කරන නිසා තමනුත් කරන පිරිසකුත් සිටින්නට පුලුවන්.  
  5. දකින සියලු දෙනා ලවා ඔවුන් රවටා තම ගෙදරට ආශිර්වාද කර ගැනීම- මෙවැනි පුවරුවක් පාර අයිනේ තැනක එල්ලා තිබෙන විට ඕනෑම කෙනෙකුට එය ඉබේම වාගේ කියවේ. එවිට ඒ කියවන වාර ගානක් පාසා ආශිර්වාදයන් ලබා ගැනීමේ අරමුනෙන් මේවා එල්ලීම. 


මේ විය හැකි හේතු තුනෙන් මට හිතෙන්නේ අවසාන හේතුව වඩාත්ම සම්භාව්‍යතාවයකින් යුක්ත හේතුව බවයි. පුවරුවට රුපියල් 500 ක් වියදම් කලේ නම් පසු කර යන්නන් 1000 ක් එය කියවන විට ආශිර්වාදයන් එකක් ශත 50 ගණනේ වියදමකට නිවෙස් හිමියනට ලැබේ. 

කොතරම් පිරිමැසුම් සහිතව පිහිට ලබා ගැනීමේ ක්‍රමවේදයක්ද? 

තවද මෙය කියවීමෙන් නිවසට පිහිට ලබාදෙන ලෙස ඉල්ලූ පුද්ගලයන් ඒ බව දන්නේත් නැතිව පිහිට ඉල්ලූ නිසා නිවෙස් හිමියන් ඒ පුද්ගලයන්ට ස්තූති කරන්නට වත් අවශ්‍යතාවයක්ද පැන නොගනී.   

7 comments:

  1. It is very pertinent to discuss about those in the society and Lakshman brings up things that others will not even think for us. This is innovation in writing and reading world. I love this attitude of you. Keep on writing in various subjects for the future generations. I wish you success in all your future endavors!

    ReplyDelete
  2. /මේ විය හැකි හේතු තුනෙන් මට හිතෙන්නේ අවසාන හේතුව වඩාත්ම සම්භාව්‍යතාවයකින් යුක්ත හේතුව බවයි. / පිස්සුද? දෙක තමයි මූලිකම කාරනාව

    ReplyDelete
  3. බාලගිරි දෝසේ අද නෙවෙයි හෙට කියලා පලාත්පාලන මැතිවරනෙ කල්දැම්මනෙ හිටන්!

    ReplyDelete
  4. ඒවා අපිත් ඔහේ කියෙව්වාට කිසිම හරයක් නැතුව කියන නිසා ඒකෙන් යමක් ලැබෙනවා ඇද්ද????? 

    ReplyDelete
  5. ඔබතුමාට නොතේරෙන දේවල් ලෝකයේ බොහෝ ඇත...ඔය බටහිර NGO වලින් සල්ලි අරගෙන ගහන්නේ අපේ අක්මුල් වලට...අපේ සංස්කෘතික වටිනාකම් වලට...හර පද්ධති වලට...ඔබතුමාට වැඩිදුර විස්තර අපේ ගරු පාර්ලිමේන්තු මංත්‍රී විමල් වීරවංස මැතිතුමාගෙන්, අපේ පුජ්‍ය පාද ගරු ඤාණසාර ස්වාමීන්වහන්සේගෙන් හෝ...මහැදුරු නලින්ද සිල්වා මැතිතුමාගෙන් විමසා දැනගත හැකිය.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...