Friday, January 23, 2026

සමාජ මාධ්‍ය සහ පාසල් ළමයි

 වයස 16ට අඩු ළමයින්ගේ සමාජ මාධ්‍ය පාවිච්චිය ඔස්ට්‍රේලියාව නවතා ඇත. පහත රටවල් නැවැත්වීමට ක්‍රියා කරගෙන යති.

UK

ඩෙන්මාර්ක්

ප්‍රංශය 

නෝර්වේ 

ස්පාඤ්ඤය 


ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම පාවිච්චිය ධෛර්යමත් කිරීමට උත්සාහ කරන්නේද?

එසේ කිරීමට අදහස් කරන්නේ නම් ඊට පෙර ඉහත රටවල් සියල්ලම අපට වඩා ඉතා දියුණු අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ක්‍රමවේද තිබෙන රටවල් නිසා එම රටවල  පාසැල් ලමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව එම රටවල  අත්දැකීම් සහ සාකච්ඡාවන් පිළිබඳව අපේ ප්‍රතිසංස්කරණ සැලසුම් කරන්නන් අවධානය යොමු කළහොත් සුදුසු බව සිතේ.

Tuesday, January 20, 2026

English teachers

 ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ කතාවක් දැකීමෙන් පසුව මට ටික කලකට පෙර අසන්නට ලැබුණු ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳව කතාවක් මතකයට නැඟුණි. 


යම් පාසලක  විදුහල්පතිවරයා උදේ දහයට පමණ ක්ම පාසල  තුළ  පරීක්ෂණ චාරිකාවක නිරත විය. 


ඔහු කන්නාඩි දෙකක් ටයි එකක් එහෙම දාගෙන ගාම්භීර ලෙස ඇවිදිමින් සිටින විට පහේ පන්තියේ ළමයෙක් පන්තිය එළියේ කන් දෙක අල්ලාගෙන සිටිනු දුටුවේය. 


ඔහු එතනට ගොස් ඒ ළමයාගෙන් "දරුවා ඔබ ඔතන කුමක් කරන්නේද"  යනුවෙන් ඇසුවේය. 


විදුහල්පතිතුමා දැක බොහෝ කලබලයට පත් වූ දරුවා "ඉංග්‍රීසි පාඩම වෙලාවේ මම ටීචර්ගෙන් කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා ඇහුවා, ටීචර් තරහ ගිහිල්ලා මාව පන්තියෙන් එළියට දැම්මා, මහත්තයා" යනුවෙන් පිළිතුරු දුන්නේය.

ඉංග්‍රීසි ගුරුවරිය  ඉස්කෝලේ ඉංග්‍රීසි වලින් කලර්ස් පෙන්නාගෙන සිටින නිසා තරමක් කනස්සල්ලෙන් සිටි විදුහල්පතිවරයා  අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතුවේය.

ඔහු තමන්ගේ දෛනික චර්යාව එතනින් නවත්වා තම කාර්යාලයට ගොස්, මළල සේකර ඉංග්‍රීසි ශබ්දකෝෂයෙන් කුල්ලට කියන ඉංග්‍රීසි වචනය winnowing fan බව සොයාගෙන එය 

හොඳින් ධාරණය කරගෙන අර පන්තියේ අවසන් වීමට පෙර ඉක්මනින්ම එතනට ගියේය. 


ඔහු පන්තිය ඇතුලට ගොස් එළියේ කන් අල්ලාගෙන සිටින ළමයා  කුමකට එසේ සිටින්නේදැයි ගුරුවරියගෙන් ඇසීය. 

" අනේ සර් එයා පාඩම වෙලාවේ ඕන නැති ප්‍රශ්න අහනව ඒකයි" ගුරුවරිය කීවාය.


" එහෙම ප්‍රශ්න අහනකොට අපි ළමයින්ට එතනදීම හරි පිළිතුරක් දෙන්න ඕනේ, ප්‍රශ්න අසන එක ධෛර්යමත් කරන්න ඕනේ, එතකොට තමයි ළමයි හොඳට ඉගෙන ගන්නේ" විදුහල්පතිතුමා කීවේය. 

පන්තියේ අනික් ළමයි ද එතුමාගේ දැනුම සහ ආකල්ප පිළිබඳ බොහෝ සතුටට පත්වූහ .

ඔහු ළමයා ඇතුළට ගෙන්වා ගත්තේය. 

"හොඳයි මොකක්ද මේ ළමයා අහපු ප්‍රශ්නේ?" 

ඔහු ඇසුවේය. 

"සර් මම ඇහුවේ මෝල් ගහට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා" ළමයාට මේ අල්ලපනල්ලේ මුලින් අහපු ප්‍රශ්නය අමතක වී ඇති අතර අසා ඇත්තේ ඒ සන්දර්භයෙන්ම වෙනත් ප්‍රශ්නයකි. 

කුල්ලට කියන ඉංග්‍රීසි වචනය පමණක් දැනගෙන සිට  විදුහල්පතිතුමාට කරකියා ගත දෙයක් නොමැති විය.

" ඇත්ත තමයි අහන්නෙම වැඩකට නැති ප්‍රශ්න, අද දවසම තමුසෙ පන්තියේ එළියෙන් හිටගෙන ඉන්න ඕනේ" කිව් විදුහල්පති දාඩිය ටිකකුත් දාගෙන එළියට ගියේය.

Monday, January 19, 2026

පණු කරඬු ශාකය සහ ාධ්‍යකරණය

 ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ විමර්ශනාත්මක පුවත්පත් කලාව investigative journalism ඇත්තේම නැති තරම්ය. අඩු තරමින් BBC එකේ verified වැනි වැඩසටහනක්වත් යම් චැනල් එකකට කරන්න පුළුවන්නම් එය  ලංකාවේ වැඩිම දෙනෙක් නරඹන program එක බවට පත්කර ගන්නට පහසුවෙන්ම පුළුවන. 


සමාජ මාධ්‍යවල වුවත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. 


මේ නිසා හරි තොරතුරු ජනතාවට ලැබෙන්නේ නැත. 


උදාහරණයකට පණු කරඳ ගසේ කතාව බලමු. 


එහි දේශපාලනය විද්‍යාව පරිසර සාධක, රාජ්‍ය සේවය, විනාශ මුඛයට පැමිණ ඇති ශාක, ආගම, විරෝධතා යනාදී වශයෙන් ම බොහෝ දේවල් අඩු වැඩි වශයෙන් කලවම් වී තිබේ.


චීන සමාගමෙන් බර ගානක් අලාභ ඉල්ලා ඇති නිසා දැන් සියලු දෙනාටම ඇත්තටම මෙහි සිදුවූයේ කුමක් ද යන්න දැන ගැනීමට ලොකු කුතුහලයක් ඇතිවී තිබේ. 


යම් මාධ්‍යවේදියෙකු හෝ මාධ්‍ය ආයතනයක් දැන් මේ පිළිබඳව දිනමකවානුව ඇතිව සොයා බලා පොරොත්තු විනාඩි පහලවක පමණ වාර්තාවක් ලබාදෙන්නට පුළුවන් නම් එය අපේ කුතුහලය සංසිදුවන්නට පමණක් නොව අපට වැරදුනේ කොතනදැයි හරියටම පෙන්වා දෙන්නටත් අවකාශයක් ඇතිවේ. 

Hindsight is 20/20 කියා කතාවක් තිබෙන බව අමතක නොකළ යුතුය.

Tuesday, January 13, 2026

බොරු කියන දේශපාලනඥයෝ

 .


දේශපාලනඥයින්ට බොරු කීම නිසා රැකියා අහිමි වීමට ඉඩ සලසන නීති ක්‍රියාත්මක කළ ලොව පළමු රට වේල්සය බව ඔබ දැන සිටියාද?


නව නීතිය යටතේ, දේශපාලනඥයන් හිතාමතාම මහජනතාව නොමඟ යවන්නේ නම්, ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට හෝ ඉවත් කිරීමට හැකිය. එය වගවීම සහ දේශපාලන අවංකභාවය සඳහා වන ප්‍රධාන මාරුවක් වන අතර එය අනෙකුත් රටවල් මීට පෙර කිසිදා නොකළ දෙයක් සඳහා පූර්වාදර්ශයක් සපයයි.


එය දිගු කාලීනව දේශපාලනය වෙනස් කරයිද යන්න තවමත් දැකගත නොහැකි නමුත් එය දැනටමත් ගෝලීය අවධානය දිනා ගනිමින් සිටින නිර්භීත පියවරකි.


මෙන්න මේ නීතිය ලංකාවෙත් ගේන්න ඕනෑ, පුද්ගලික යෝජනාවක් විදිහට හරි යම් මන්ත්‍රී කෙනෙකුට ගේන්න පුළුවන් නම් රටට කරන ලොකු සේවයක්! 

කවර මන්ත්‍රී කෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයිද' මට නම් හිතන්න පුළුවන් එකම මන්ත්‍රී  අර්චුනා

සමාජ මාධ්‍ය සහ පාසල් ළමයි

 වයස 16ට අඩු ළමයින්ගේ සමාජ මාධ්‍ය පාවිච්චිය ඔස්ට්‍රේලියාව නවතා ඇත. පහත රටවල් නැවැත්වීමට ක්‍රියා කරගෙන යති. UK ඩෙන්මාර්ක් ප්‍රංශය  නෝර්වේ  ස්...