Wednesday, September 15, 2021

2 නිවසට සොරුන් පැමිණීම වලක්වා ගැනීම 2

 එසේ ඕනෑම කෙනෙකු තමන්ගේ දෙපලට ඇතුළුවීමට පහසුවෙන්ම යොදාගත හැකි, ඉඩ ප්‍රස්ථාවන් අප හොඳින් පරීක්ෂාකර බැලිය යුතුය. සමහරවිට ගේට්ටුව උඩින් පැන ඒමට පුළුවන් විය හැකිය. එසේත් නැත්නම් ාමාන්‍යයෙන් හොඳින් වැට නොමැති තැනකින් ඇතුළට ඒමට ඉඩ තිබේ. අල්ලපු නිවාසය තම නිවාසෙට ගෑවී තිබේ නම්, කිට්ටුවෙන් තිබේනම් ඒ නිවාසයෙ වහලයෙන් අප නිවාසයට ඇතුළු වන්නට පුළුවන. 


ගේට්ටුවෙ ඉබ්බා කැඩී තිබෙනවා නම් එය ඉබ්බා දැමූ ආකාරයෙන් නිකං එල්ලා තබන්නට අප පෙළඹෙන අවස්ථා නැතුවා නොවේ. 


මෙවැනි අවස්ථාවන් එසේත් නැත්නම් ඉඩ ප්‍රස්ථාවන් පිළිබඳව පැය කිහිපයක් සොයා බැලිය යුතුය, නිවසෙහි අනිකුත් සාමාජිකයන් සමඟ සාකච්ඡා කළ යුතුය, තමන්ගේ විශ්වාස මිතුරන් හා වුවද සාකච්ඡා කළ හැකිය. 

මින් පසු එම ස්ථාන මුලින් කෙනෙකුට ඇතුළු වීමට ඇති හැකියාව හැකි තරම් දුෂ්කර කරන්නට අප සැලසුම් කළ යුතුය. බොහෝ විට මෙවැනි දුෂ්කර කිරීම් ඉතාමත් සුළු වියදමකින් එහෙමත් නැත්නම් නොමිලේම කරගන්නට පුළුවන. 

උදාහරණයකට අපගේ දේපළට ඇතුළු වන ගේට්ටුවෙ උඩට නැග ඇතුලට පැන ගන්නට හැකියාවක් තිබෙන බව අපට සිතෙනවා නම්, කෙනෙකුට ඒ තාප්පය උඩට නැගීමට අපහසු කරන්නට පුළුවන, සමහර විට එය එයට උඩින් බිත්තියට සමාන්තරව කම්බියක් ඇදීමෙන් ඉටු කරගන්නට පුළුවන. එසේත් නැත්නම් තාප්පය තවත් ටිකක් ඉහලට බැඳ ගන්නට පුළුවන. 


කලකට පෙර මෙවැනි තාප්පවල බෝතල් කටු සවිකිරීමේ ක්‍රමයක් තිබුණද, දැන් එම ක්‍රියාව out of fashion වී ඇති බව පෙනේ. 

මේ හැම ක්‍රමයක්ම එසේත් නැත්නම් ඒ අතරින් හොඳම ක්‍රමය ලොකු මුදලක් වැය නොකර කරගන්නට පුළුවන. එලෙස එයින් පිරිවැය අඩු කාර්යක්ෂමතාවයෙන් වැඩි, ක්‍රමවේදය යොදාගෙන එම ඇතුල්වීමෙන් සොරෙකු පැමිණීම වළක්වා ලන්නට කටයුතු යෙදුවත්, මෙතනින් ඇතුළු වීමේ සම්භාවිතාවය තවදුරටත් තිබෙන බව අපට හිතෙන්නේ නම් අප සොරා ඇතුළුවන විට එය අවහිර කිරීමට තවත් බාධකයක් හෝ කිහිපයක් යොදා ගන්නට පුළුවන.  


එවැනි බාධක ඇති කිරීම පිළිබඳව අපට එම ස්ථානය හොඳින් නිරීක්ෂණය කරමින්ම නිර්මාණශීලීව සිතන්නට පුළුවන. උදාහරණයක් වශයෙන්, ඇතුළුවන්නා, භූමියට පනින්නට ඉඩ තිබෙන ස්ථානය 60% ක වත් සම්භාවිතාවයකින් අනුමාන කරන්නට පුළුවන් නම්, එවැනි ස්ථානවල තියුණු ඇණ කිහිපයක් ගැසූ ලෑල්ලක් හෝ එවැනි නිවසේ තිබෙන ඉවත් කරන ලද යම් දෙයක්,ඇණ වල තුඩ කොටස උඩට තිබෙන සේ ස්ථාන ගත කරන්නට පුළුවන. 

එලෙසම එම ලෑල්ල ඒ තබන ස්ථානයේ පසුබිමට ගැලපෙන සේ පාටකින් තෝරා ගැනීමට හෝ එය අවටින් වෙන්ව නොපෙනෙන සේ පාට කිරීමට අමතක නොකළ යුතුය.  මෙවැනි ලෑල්ලක් සාදා ගැනීමට රුපියල් සීයක එකසිය පනහකට වඩා වියදම් වන්නේ නැත. ඒ නිසා එවැනි ලෑලි කිහිපයක් සාදාගෙන පනින්නට ඉඩ තිබේ යැයි සිතන ස්ථානවල පහසුවෙන්ම ස්ථානගත කරන්නට පුළුවන. 


මෙම ඇණ ආරක්ෂක උපකරණය ාත්‍රී වන විට ඒ තැන්වලින් තබා උදේ අවදි වූ පසු නැවත අනික් පැත්තට හරවා තාප්පය අසලින්ම තැබිය හැක. එසේ අනිත් පැත්තට හැර විය යුත්තේ හදිසියේ වැරදීමකින් අප වුවත් අඩිය තබන්නට ඉඩ තිබෙන නිසා ය.


තුන් වන කොටස හෙට

1 comment:

  1. කෝ තුන්වෙනි කොටස?

    අද ලංකාවේ කරන්නේ සීසීටීවී දමා හොරා පැන ගිය පසු ඒවා ප්‍රසිද්ධ කිරීමයි.

    -රසික

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...