Sunday, January 19, 2020

විජය කුමරු සහ මහාචාර්ය සෝමදේව ගේ සාක්ෂි





විජය රජ්ජුරුවන් ලංකාවට පැමිණීමේ කතාව බොරුවක් යැයි රාජ් සෝමදේව මහතා youtube ඒකෙ කරන ලද කතාවක්, එශාන්ත නමැති මගේ මිතුරෙකු මුහුනු පොතේ බෙදාගෙන තිබී දැක්කෙමි.

මුලින්ම ඔහු විජය කුමාරයා ලංකාවට පැමිණීම බරපතල බොරුවක් බවත්, ඔහුට එය ඔප්පු කිරීමට බොහෝ සාක්ෂි ඇති බවත් කියයි.

ඔහු ඊළඟට මාලයක් පෙන්නා, එම මාලය ලංකාවට ආනයන කර ඇත්තේ විජය කුමාරයා පැමිණීමට අවුරුදු 300 කට පෙර යැයි කියයි.

එය සත්‍ය විය හැක, මක්නිසාද විජය කුමාරයාගේ පැමිණීම පිළිබඳ කතාව තිබෙන මහාවංශයේම ඔහු පැමිණ කුවේණිගේද ආධාර ඇතිව, ඒ අසලින් තිබූ නගරයක විවාහ මංගල උත්සවයක් පැවැත්වෙද්දී පහර දී අල්ලා ගත් බව පැහැදිලිවම කීම නිසාය. ඒ මාලය සහ වෙනත් බොහෝ භාණ්ඩ විජය කුමරු මෙහි ඒමට පෙර සිටි පිරිස් විසින් පිටරටින් ගෙන්වා ගත් ඒවා විය හැක. විජය කුමරු පිළිබඳ මහා වංශය කියවෙන තැනම, කුවේණිය විසින් ඔහුට පෙන්වා දුන් නෞකා වලින් ලබා ගත් භාණ්ඩ ගබඩා කර තිබූ ගබඩාවක් පිළිබඳවද සඳහන් වෙයි. විජය කුමරු මෙහි එන්නට පෙර ලංකාවේ සිටි මිනිසුන් පිටරටින් යමක් ගෙන් වූ පමණින්ම, විජය කුමරුගේ කතාව බොරු වන්නට හේතුවක් ඇතැයි මට නම් පෙනෙන්නේ නැත.

නැවත ඔහු ලංකාවට බුදුදහම ලැබුණේ මිහිඳු හාමුදුරුවන් එන්නට බොහෝ පෙර යැයි කියයි. එහෙත් මිහිඳු හාමුදුරුවන් පැමිණීමද ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැත.
බුදුන් ගේ ජීවිත කාලයේම ඉන්දියාවේ බුදුන් ගැන බොහෝ ප්‍රසිද්ධ වන්නට ඇත. අප බුදුන් පිළිබඳ අසන කතාවලද බොහෝ ධනවත් වෙළෙන්දන් පිළිබඳ කතාව ඇතුළත්ව තිබේ. බුදුන් ජීවත් ජීවත්වන්නේද වරාය නගරයකට කිට්ටුවෙනි. එසේනම් එකල විප්ලවකාරී ශාස්තෘවරයෙකු වූ බුදුන් පිළිබඳව යම් ප්‍රවෘත්ති ලංකාවට පැමිණීමට බොහෝ ඉඩකඩ තිබේ.
නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනතුරු, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිනිසුන් බුද්ධාගම ගැන දැන සිටිය බවක් පෙනෙන්නට නැත. එසේ දැන සිටියානම් තිස්ස රජු මිහිඳු හිමි මුලින්ම දුටුවිට බියවන්නේ නැත.
මහාවංසයේ පැහැදිලිවම දක්වා ඇති එමෙන්ම බොහෝ සාක්ෂි ඇති පණ්ඩුකාභය රජුගේ කතාවේ, එසේනම් බුද්ධාගම ගැන යම් විස්තර අවශ්‍යයෙන්ම තිබිය යුතුය. එහෙත් ඒ කිසිවක් නැත.
ඔහු ඊළඟට කියන්නේ ධර්මාශෝක රජු කාලය විස්තරයකි. ඒ බුදුන්ගෙ කාලෙ අවුරුදු දෙසීයකට පමණ පසුවය. එහිදී ධර්ම ප්‍රචාරය සඳහා ගිය නොයෙකුත් භික්ෂූන් ගෙන් ආපසු ඉන්දියාවට පැමිණියේ නැත්තේ දෙදෙනෙකු බව කියයි. ඒවායින්ද විජය කුමරුගේ කතාව බොරුවක් වන බවට පෙන්වා දීමට කිසිම සාක්ෂියක් නොමැත.

ඔවුහු තවත් කියන එකක් නම්, නියම ථේරවාද ධර්මය හොයාගෙන මුළු ලෝකයම ලංකාවට පැමිණියේ අප රටේ බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම වදාළ ධර්මය තිබුණු නිසා බවයි. නමුත් ඉතිහාසයට අනුව නම් බුද්ධාගම පැතිරුණු චීනය වැනි රටවලින් පාහියන් වැනි භික්ෂූන් බුද්ධ ධර්මය සොයාගෙන පැමිණියේ ලංකාවට නොව ඉන්දියාවටයි. ඔහු ලංකාවට ඉන්දියාවේ සිට එන්නේ ඉන්දියාවට පැමිනුන නිසාය. අනික මේ එකත් විජය රජු ලංකාවට පැමිණීම බොරු කරන්නට ඔප්පු කරන්නට සාක්ෂි නොවේ.

ඔහු තවත් කිසිම සම්බන්ධයක් නැති ගැලපීමක් නැති ප්‍රකාශයක් කරයි. ඒ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන එන ලද ධර්මය සංගායනා තුනකින් වෙනස් වූ බුද්ධ ධර්මය බවයි. සංගායනා තුනම හොඳින් හදාරන කෙනෙකුට එම ප්‍රකාශය ඇති වැරැද්ද මනාව පෙනෙනු ඇත. එනම් සංගායනාවලදී කරන ලද්දේ හරියටම බුදුන් දේශනා කරන ලද ධර්මය කුමක් දැයි අනෙකුත් වැරදි දේවල් වලින් වෙන්කර ගැනීමත්, නොයෙකුත් මහණුන් විසින් බුදුන්ගේ විනය පද්ධතිය කැඩීමට උත්සාහ කිරීම වැළැක්වීම සඳහාය.
එසේ නැතුව ධර්මය වෙනස් කිරීමට නොවන බව ඒ සම්බන්ධයෙන් කියවා  බලන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇත.

ඉන්පසුව ඔහුගේ ඒ යූටියුබ් එකේ තියන කතාවේ මුලින්ම කියන විජය කුමරු පිළිබඳව කතාව, බොරුකිරීමේ සාක්ෂි කිසිවක් ගැන කියවෙන්නේ නැත. ඔහුගේ කතාවේ කිසිම තැනක විජය කුමාරයාගේ කතාව ඇත්තක් හෝ බොරුවක් හෝ බව පෙන්වන්නට කිසිම සාක්ෂියක් පෙන්වන්නේ නැත. 

1 comment:

  1. Most SL scholars are quite subjective but very poor at being objective. They do not study history for the love of the subject but only as support for their pet theories.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...