Friday, July 22, 2022

3 මහාවංශය 3

 https://lakshmanillangakoon.blogspot.com/2022/07/2.html?m=1

සිට

අප වනයේ වෙසෙන්නන් වෙමු˜ මව

 කුමරිය පිළිතුරු දුන්නාය. 

ප්‍රධානියා ඔවුනට ඇඳුම් දෙන ලෙසට තම සේවකයන්ට උපදෙස් දුන්නේය. ඉන්පසු අමුත්තන් සඳහා ගසකින් කඩාගත් පත්‍ර මත දමා ආහාර දීමට සැලස්විය. මෙම කොළ ඔවුනට දුන්පසු රනින් කල භාජන බවට පත්වීම වැනි ප්‍රාතිහාර්යය සිදුවූ බව සදහන් වේ. පුදුමයට පත් වූ කුමාරයා “තොප කවුරුන්ද,” කියා ඇසීය.

මව් කුමරිය තමන්ගේ සත්‍යය  විස්තරය ඔහුට පැහැදිලි කලාය. එම කුමාරයා, මව් කුමරිය තම නැන්දනියගේ දියණිය බව වටහා ගෙන, ඇය සමග වගු නුවර වෙත ගොස් එහි ජීවත්විය. (මෙලෙස තමා මහ රජුගේ දූ කුමරිය බොහෝ කලකට පසු මුණගැසී දෙමව්පියන්ට නොදන්නවා සිටින්නේ සමහරවිට ඇය පිළිබඳව ඔවුන්ගේ කෝපය ඒතාක් අලුත් තිබුණ නිසා වන්නට පුළුවන)
මේ අතර සිංහයා ආපසු ලෙනට පැමිණ, ඔහුගේ පවුලේ සාමාජිකයින් නොමැති බව දැක, බලවත් ශෝකයට පත්විය. ඌ ආහාර ප්‍රතික්ෂේප කලේය. ඌගේ දරුවන් සොයා, අසල ගම්මාන වලට පැමිණෙන්නට පටන් ගත්තේය. මෙම ගම්මාන වල වැසියන් භීතියට පත්ව, රජුට මේ පිලිබඳව දන්වා සිටියහ. 

“මහ රජුනි, සිංහයෙකු ඔබගේ රාජ්‍ය විනාශ කරයි. එයින් අපව වහාම බේරා දෙනු මැනව.” ඔවූහූ පැවසූහ. 

එහෙත් රජුට සිංහයා එලවා දැමීමට, හැකි පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වූ නිසා, ඒ සඳහා යැවීමට, පුද්ගලයෙකු සොයා ගැනීමට, අලියෙකුගේ පිටේ මසුරන්  දහසක් තබා,

 “සිංහයා අල්ලා රැගෙන එන කෙනෙකුට, මෙම මසුරන්  දහස ත්‍යාග වනු ඇත.”

යනුවෙන් ප්‍රසිද්ධ කලේය.

 කිසිවෙකු ඉදිරිපත් නොවුනු නිසා රජු තෑගි මුදල 2000 සහ 3000 දක්වා ක්‍රමයෙන් වැඩි කලේය. සිංහබාහු මේ සඳහා ඉදිරිපත් වීමට උත්සාහ කලද ඔහුගේ මව මුල් දෙවතාවේදී ඔහුට ඉදිරිපත් වීමට ඉඩ දුන්නේ නැත. තෙවැනි වර ඔහු මවට නොදන්වා ඉදිරිපත් වී තමන්ගේම පියා මරා දැමීමට පොරොන්දු වී, රන් කහවනු 3000 ලබා ගත්තේය. 

රාජ පුරුෂයෝ තරුණයා රජු බැහැ දැකීමට රැගෙන ගියහ. 

“ඔබ සිංහයා විනාශ කලහොත් මම ඔබට මගේ රාජ්‍යම දෙන්නෙමි,” රජු ඔහුට පොරොන්දු විය. ( මේ තරම් සුළු ප්‍රශ්නයක් නිරාකරණය කර දුනහොත් මුළු රාජ්‍යයම ලබා දීමට පොරොන්දු වීම පුදුම සහගතය. කැරැල්ලක් ඇති වී එය මැඩ පැවැත්වීමට උත්සාහ කරන්නේ දැයි සිතන්නටත් පුළුවන)

සිංහබාහු දුනු ඊතල ගෙන ගල් ගුහාව වෙත ගියේය. ඔහු දැක සිංහයා ඔහුට ඇති ආදරය නිසා ඔහු වෙතට පැමිණෙන්නට පටන් ගත්තේය. කුමරු සිංහයා වෙත ඊතලයක් විද්දේය. හාස්කම් කිහිපයක් සිදුවීමෙන් පසු  විදින ලද ඊතලය සිංහයාගේ ශරීරය පසාරු කරගෙන ගොස් ඌ මරණයට පත් කලේය. සිංහබාහු කේශර සහිත සිංහ ඔලුව රැගෙන ආපසු අගනුවරට පැමිණියේය. ඔහු ආපසු අගනුවරට පැමිණෙන විට මහ රජු මියගොස් සත් දිනක් ගතවී තිබිණ.

"We are forest dwellers" replied the mother princess.

The lord  instructed his servants to give them clothes.  Then the guests were made to eat on leaves plucked from a tree.  It is said that after these leaves were given to them, the miracles like  leaves  turning into pots made of gold took place.  “Who are you?” asked the astonished prince.

The mother princess explained the truth to him.  The prince realized that the mother princess was his aunt's daughter, and went with her to city of Vagu, the capital, and lived there. ( it is strange that this Prince he is keeping the finding of the princess from the royal family because she was their long lost daughter)

Meanwhile, the lion returned to the den and was deeply saddened to find his family members absent.  He refused to eat and drink.  He started coming to  nearby villages in search of his children.  The inhabitants of these villages were frightened and informed the king about this.

“Great king, a lion is destroying your kingdom.  Save us immediately from it.”  They said.

But the king could not find a person who could drive away the lion, so he proclaimed a  royal massage  to find a person, placed a thousand gold coins  on the back of an elephant,

  "To one who catches the lion and brings him, this reward will be his "

  He said.

  As no one came forward, the king gradually increased the gift amount to 2000 and 3000.  Although Sinhabahu tried to take up the challenge, his mother did not allow him to accept twice. Third time he came forward without his mother's knowledge and promised to kill his own father, and obtained 3000 gold coins.

  The courtiers took the young man to see the king.

  "If you destroy the lion, I will give you my kingdom," the king promised him. ( Offering such unbelievable reward for a minor task like that appears strange. Probably it was sort of revolt against the kingdom)

  Singhabahu took the bow and arrows and went to the rock cave.  Seeing him, the lion started coming towards him out of love for him.  The prince shot an arrow at the lion.  After several miracles, the arrow pierced the lion's body and killed him.  Sinhabahu returned to the capital with the hairy lion's head.  When he returned to the capital, the great king had been dead for seven days.

Wednesday, July 20, 2022

2 - මහා වංශය- විජය කුමරුගේ පැමිණීම -

From  https://lakshmanillangakoon.blogspot.com/2022/07/blog-post_19.html?m=1


ඉන්දියාවේ වගු රටෙහි අගනුවර විසූ, වගු රජුගේ බිසව වාර්තාව, කාලිංග රටෙහි විසූ රජුගේ දියණියයි.  මෙම වංග රට යනු, වර්තමානයේ ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ බංගලාදේශය පිහිටා ඇති දේශයයි.  කාලිංගය යනු ඉන්දියාවේ නැගෙනහිර පළාතේ  පිහිටි දැන් ඔඩීෂා, අන්ද්‍රා සහ චතිස්ගාර් යන ප්‍රදේශයන්ය.

  මෙම කාලිංග රටේ අධිරාජයා සහ එම දේවියට අතිශයින් රූමත් දියණියක සිටියාය.  ඇයගේ නොමනා හැසිරීම් නිසා, රජු සහ බිසව, ඇයව පිළිකුල් කලහ.  ඇය අනාගතයේදී සිංහයෙකු සමග ජීවත්වන බවට රාජකීය දෛවඥයන් විසින් අනාවැකි කිම මෙයට තවත් බලපෑවේය.

  දිනෙක ඇය සාමාන්‍ය, ස්වාධීන ජීවිතයක් සොයා, මාලිගයෙන් පිටවූවාය.  හොර රහසේම මගධ බලා යන ගැලකට එකතු වූවාය(අතීතයේ බොහෝ විට ගොනුන් හෝ ඔටුවන් යොදාගෙන දුර බැහැර ප්‍රදේශවල කණ්ඩායම් වශයෙන් වෙළඳාම් කරන්නන්).  අතරමග ලාල රටේ ඝණ වනයකදී, සිංහයෙකු ගැලට පහරදුනි.  එහි සිටි අනෙක් පිරිස්, සිංහයාට බිය වී, උගෙන් ඉවතට පලා ගියත්, කුමරිය සිංහයා එන දෙසට දිවගියාය.

  සිංහයා ගොදුරු ඩැහැගෙන, ගැලෙන් ඉවතට යද්දී, ඇය දැකීමෙන් ආදරයක් ඇති වී, වලිගය වනමින්, කන් පිටුපසට කරගෙන ඇය වෙත පැමිණියේය.  එය දැක, අනාගතය ගැන අනාවැකිය ඇයට සිහිවිය. ඒ නිසා ඇය නොබියව සිංහයාව ස්පර්ශ කලාය. (අනාවැකි කියන්නන් ලාංකීය ඉතිහාසය බොහෝ සේ වෙනස් කර ඇති බව පෙනේ. මේ විශේෂයෙන්ම අනාවැකියේ විෂය වූ පුද්ගලයා සහ ඔහු වටා සිටින්නන් එය පිළිගෙන අනාවැකිය ක්‍රියාත්මක කරන්නට යාමෙනි)

ඇයගේ ස්පර්ශයෙන් මහත් සේ ඇවිස්සුනු සිංහයා, ඇයව පිට මත හිදුවාගෙන, උගේ ගල්ලෙන වෙත පිමිමේ දිව්වේය. මොවුනට නිසි කල, නිවුන් දරුවන්; කුමරෙකු හා කුමරියකු, ලැබුණි. (මෙලෙස සිංහයකු හා ගැහැනියකට ජීවවිද්‍යාත්මකව දරුවන් සෑදිය නොහැකි බැවින් මෙම සිංහයා යැයි හැඳින්වෙන චරිතය එකල කැලෑ වල ජීවත් වූ ගැල් පහරන්නෙකු යැයි සිතිය හැක)

පුතාගේ අත් පා, සිංහයෙකුගේ මෙන් ශක්තිවන්තව පිහිටා තිබූ හෙයින් මෑණියෝ ඔහු සිංහබාහු ලෙස නම් කලාය. ඇගේ දියණිය ඈ සිංහ සීවලී ලෙස නම් කලාය. තරුණ කුමාරයාට වයස අවුරුදු දාසයක් වන්නේ තමන්ගේ මව සහ පියාගේ ස්වාභාවයේ වෙනස පිලිබඳව සැකයක් ඇතිවී මෙසේ ඇසීය.

“දයාබර මෑණියනි ඔබ සහ අපේ පියා පෙනුමෙන් මෙතරම් වෙනස් ඇයි?˜

ඇය එම වෙනසට හේතුව ඔහුට පැහැදිලි කලාය.

“අප මේ ගල් ගුහාවෙන් පිටතට නොයන්නේ ඇයි?˜ ඔහු ඇයගෙන් තවදුරටත් විමසීය.

“ඔබගේ පියා මෙම ගල්ගුහාවේ දොරටුව සැමවිටම ඔවුහු පිටතට යන විට මහා ගලකින් වසා දමන්නේය.˜ ඇය පැහැදිලි කලාය.

මෙය ඇසූ ඔහු දොරටුව වසා තිබූ එම ගල ගලවා තම උරහිස මතට ගෙන එක් දිනයකම යොදුන් පනහක් කැලයේ ගමන් කර, ආපසු පැමිණියේය.(මෙම දුර සැතපුම් හාරසීය ක් පමණ වන අතර, කිසිසේත් ප්‍රායෝගික නොවන දුරකි)

එක් දිනෙක සිංහයා දඩයමේ ගියපසු සිංහබාහු කුමාරයා තම මව දකුණු උරහිස මතද  සොහොයුරිය වම් උරහිස මතද තබාගෙන ගල් ගුහාව අත්හැර පිටව ගියේය. ඔවූහු ඇඳුම් නොමැති නිසා  ගස්වල අතු කඩාගෙන විලි වසාගෙන වනය අසල ගමකට පැමිණියහ. වගු රට දේශ සීමාවේ පිහිටි මෙම පළාත මෙකල පාලනය කලේ, සිංහබාහු කුමරුගේ මාමා කෙනෙකු වූ වගු රජුගේ සෙන්පතිගේ පුත් කුමරුය. ඔහු මේ පිරිස හමුවන විට නුග ගසක සෙවනේ සිට යම් කර්මාන්තයක් මෙහෙයවමින් සිටියේය. ඔවුන් දුටු ඔහු  ඔවුන්ගේ වගතුග විමසා සිටියේය.

The queen of King Vagu, who lived in the capital of the country of Vagu in India, was the daughter of the king who lived in the country of Kalinga.  (This Vanga country is the land of present-day West Bengal and Bangladesh in India.  Kalinga refers to the eastern states of India, now Odisha, Andhra and Chhattisgarh).

  The emperor of this Kalinga country and his queen had an extremely beautiful daughter.  But because of her misbehavior, the king and queen hated her.  This was further influenced by the royal soothsayers predicting that she would live with a lion in the future.

  One day princess left the palace alone, in search of an independent life.  She secretly joined a caravan of carts, which was heading to Magadha country.  On the way, in a dense forest of Lala country, a lion attacked the caravan. The people in the caravan were afraid of the lion and ran away from him, but the princess ran towards the lion.

  As the lion grabbed the prey and walking away from the wagon, he saw her and fell in love with her.  Seeing this , she remembered the prophecy of fortune tellers, so she fearlessly touched the lion.

The lion, greatly excited by her touch, mounted her on his back and ran, leaping to his den.  For this couple, twins;  A prince and a princess,were born.

  The son's arms and legs were as strong as a lion's, so the mother named him Sinhabahu.  Her daughter she  named  Sinha Sewali.  The young prince was sixteen years old and had doubts about the difference in the nature of his mother and father and asked:

  “Dear mother why do you and our father look so different?˜

  She explained to him the reason for the difference in appearance.

  “Why don't we go out of this cave?˜ he asked her further.

  “Your father always blocks the entrance to this cave with a big rock when he  goes out,” she explained.

  On hearing this, he removed the stone that was closing the entrance, carried it on his shoulder, traveled fifty yojanas in the forest in one day, and returned.

  One day, after lion went out for hunting, Prince Singhabahu left the cave with his mother on his right shoulder and his sister on his left shoulder.  As they had no clothes, they broke the branches of the trees and wore them to cover themselves and came to a village near the forest.  This land on the border of Vagu country was ruled by the son of the army commander of King Vagu who was an uncle of Prince Sinhabahu.  He was supervising some industry from the shade of a banyan tree when he met this group.  He saw them and inquired about them.



Tuesday, July 19, 2022

මගේ මහා වංශය

 

මහා වංශය ශාසන ඉතිහාසය සහ රාජ්‍ය ඉතිහාසය ලේඛන ගත කරන ලද කාව්‍ය සංග්‍රහයකි. මෙය ලියා ඇත්තේ පාලි[1] භාෂාවෙනි. මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ගත් විට ක්‍රිස්තු පූර්ව 543 විජය රජ කාලයේ සිට ක්‍රිස්තු වර්ෂ 304 මහසෙන් රජු දක්වා දිවෙයි.

මෙහි පරිච්ඡේද පලමු වැන්නේ සිට පහ දක්වා ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය, බුදුරදුන්ගේ පිරිනිවන් පෑමේ සිට තුන්වෙනි ධර්ම සංගායනාව අවසන් වෙන තෙක් ඇතුලත් වෙයි.

අනුරාධපුරයේ මහා විහාරයේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි ශත වර්ෂයේ සිට පවත්වා ගෙන ගිය නොයෙකුත් ලේඛන, ධාතුසේන රජු රාජ්‍ය කල ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මහානාම හිමිනම විසින් මේ සංග්‍රහයට එකතු කර එය සාදන ලද බව කියවේ.

මතක තබා ගැනීමට පහසුවන ආකාරයෙන් වීර කාව්‍යයක් ලෙසින් කාව්‍යමය භාෂාවෙන් මෙය නිර්මාණය කර ඇත. 1837 දී ලංකා සිවිල් සේවයේ නිලධාරියෙකු හා ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්නෝර්[2] විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද මහා වංශය 1912 දී ඉන්දියානු, ඉරාන සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ප්‍රවීනයෙකු වූ ආචාර්ය විල්හෙල්ම් ගයිගර්[3] විසින් ජර්මානු භාෂාවට පරිවර්තනය කරන ලදි. ඔහු පාලි, සිංහල සහ දිවෙහි (මාලදිවයිනේ භාෂාව) භාෂාවන් පිළිබඳ විශේෂඥයෙකුද විය.

ඉන්පසු පාලි සහ සංස්කෘත භාෂාවන් ප්‍රගුණ කල ඉංග්‍රීසි කාන්තාවක වූ ආචාර්ය මේබල් හේන්ස් බෝඩ්[4] මෙනවිය, ආචාර්ය විල්හෙල්ම් ගයිගර් සමග, මහා වංශය ජර්මන් භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කලාය. ඉන්පසු එකල රජයේ වියදමින් පෙරදිග භාෂා විශේෂඥයෙකු වූ ටී.ඩබ්ලිව්.රයිස් ඩේවිඩ්ස් මහතාගේ සභාපතිත්වය යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවකින් සංස්කරණය කරන ලද්දේය.

මෙම කෘතිය කරන ලද්දේ එම සංස්කරණය කරන ලද ගයිගර්ගේ කෘතිය අනුසාරයෙනි. මෙම කෘතියෙන් බලාපොරොත්තු වන්නේ කියවන්නෙකුට ලංකාවේ ඉතිහාසය සම්බන්ධව පමණක් විස්තර ලබාදීමටය. එමනිසා ශ්‍රී ලංකාවේ  රාජ්‍ය ඉතිහාසයට කෙලින්ම සම්බන්ධ නොවන, ආගමික හා ශාසනික විස්තර මෙහි අඩංගු කර නොමැත. එහෙත් කථාව ගලායාමට සහ එහි අන්තර්ගතයට අත්‍යවශ්‍ය යැයි හැඟෙන එවන් විස්තර මෙයට ඇතුලත් කිරීමට සිදු විය.

[1] මගධ, මාධ්‍ය ඉන්දු ආර්ය භාෂාවක් , වර්තමානයේ පාවිච්චි වන්නේ ථෙරවාද සහ සමහර හින්දු ආගම් වල ලේඛන මෙම භාෂාවෙන් ලියවී ඇති නිසාය

[2] ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකු වූ මොහු පළමුවෙනි පරිචේද 38 පරිවර්තනය කල පසු වයස 44 දී මියගොස් ඇත.

[3]  විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර් (1856-1943) ජර්මන් ජාතික පෙරදිග ඉන්දු-ඉරාන භාෂා සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමකින් යුක්ත විය. ඔහු පාලි,සිංහල සහ  දිවෙහි (මාල දිවයිනේ භාෂාව )  පිළිබඳවද විශාරදයකු විය.

[4] (1864–1922) මුලින්ම පාලි සංස්කෘත සහ බුද්ධාගම පිලිබඳ අධ්‍යයනයට ඇතුළු වූ බටහිර කාන්තාවන් කිහිපදෙනාගෙන් කෙනෙක්. රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ මුලින්ම ලිපියක් පලකල කාන්තාව

Maha Vamsaya is an anthology of Sasana history of Buddhism and  history of Srilanka.  It was written in Pali[1] language.  This dates back to the history of Sri Lanka from the time of King Vijaya in 543 BC to King Mahasen in 304 AD.

  Chapters one to five of Mahawamsa cover the history of Buddhism in India, from the Buddha's passing to the end of the Third Dharma Sangayana.

It is said that the Mahanama Thera compiled this collection in the fifth century AD during the reign of King Dhatusena, which contained many documents from the third century BC in the Great Temple, the Maha vihara  of Anuradhapura.

  It is composed in poetic language as an epic in a way that is easy to remember.  The book was translated into English in 1837 by Ceylon Civil Service officer and historian George Turnor[2], Mahawamsa was translated into German in 1912 by Dr. Wilhelm Geiger[3], an expert on Indian, Iranian and Sri Lankan history.  He was also an expert in Pali, Sinhala and Divehi (the Maldivian language).

Then Miss Dr. Mabel Haynes Bode[4], an Englishwoman who had mastered Pali and Sanskrit languages, along with Dr. Wilhelm Geiger, translated Mahavamsa from German into English.  Then it was edited by an expert committee appointed under the chairmanship of Mr. T. W. Rhys Davids, an oriental language expert at the expense of the government, at that time.

  This work is based on Geiger's edited work and it  is expected to give details to the reader only regarding the history of Sri Lanka.  Therefore, religious details that are not directly related to the state history of Sri Lanka are not included here.  But naturally, I  had to include such details as felt essential to the flow of the story and its content.

.1] Magadha, a Middle Indo-Aryan language, is used today because the scriptures of Theravada and some Hindu religions are written in this language.

  [2] An English civil servant, he died at the age of 44 after translating the first 38 chapters.

  [3] Wilhelm Ludwig Geiger (1856–1943) A German scholar well versed in the Indo-Iranian languages ​​of the East and the history of India and Sri Lanka.  He was also a scholar of Pali, Sinhala and Diva (the language of the Mala Islands).

  [4] (1864–1922) One of the first Western women to enter the study of Pali Sanskrit and Buddhism.  The first woman to publish an article in the Journal of the Royal Asiatic Society

Tuesday, July 5, 2022

රසදියෙන් ඉන්ධන සෑදීම 🤣

 යුරෝපයේ මධ්‍යතන යුගයේ medival period බොහෝ අය වෙනත් මූලික ලෝහ වර්ග වලින් රත්තරන් සෑදිය හැකි යැයි උමතුවකින් පෙළුණහ.



මේ මධ්‍යතන යුගය ලෙස හැඳින්වෙන්නේ රෝම අධිරාජයේ කඩාවැටීමේ සිට renaissance යුගය දක්වා ය.


මේ සඳහා මූලික ලෝහ වර්ග හයක් යොදාගැනීමට උත්සාහ කළහ. රසායන විද්‍යාවේ පටන්ගැන්ම මෙම විකාරය බව කියනු ලැබේ. 


රත්තරන් හැදීමට අමතරව මෙලෙස එකල පරීක්ෂණ පැවැත්වූ මෙම රසායනික ිද්‍යාඥයන් යැයි කිව හැකි පිරිස තවත් දෙයක් සොයා ගැනීමට උත්සාහ කළහ. ඒ සැමදා ජීවත් වීමට එසේත් නැත්නම් බොහෝ කාලයක් ජීවත් වීමට උපකාරී වන යම් ඖෂධයකි. Elixir නමින් හැඳින්වෙන මෙම ඖෂධය ඉන්දියාවේ තිබෙන බව සැක කළ  ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් පවා ඔහු ගිය සෑම තැනකම මෙය සෙවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. 

2000 වසර ලබන විට, අප පසුකර පැමිණි පසුගිය අවුරුදු දහසේ මිනිසා ලෙස ටයිම් සඟරාව නම් කළ ගෙන්ගිස් කාන් නැමැති මොංගෝලියානු අධිරාජයා  මේ ඖෂධය සොයා ගැනීමට බොහෝ උත්සාහ ගත් බව කියනු ලැබේ. ඔහු මේ සඳහා චීනයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු ගෙන්වාගෙන උත්සාහ කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි.

ය.


ලෝකයේ වෙනත් කලාප වල මෙලෙස අමරණීයත්වය ලබා දෙන ඖෂධය බොහෝ බලගතු පුද්ගලයන් විසින් සොයා ගන්නට උත්සාහ කළ ද පැරණි ශිෂ්ටාචාරයක් වන ඉන්දියාවේ මේ සඳහා එතරම් උනන්දුවක් ඇතිවූයේ නැත. මේ බොහෝ විට ේ ප්‍රදේශයේ ආගම් පුනරුත්පත්තිය තදින් විශ්වාස කළ නිසා විය හැක. එසේම නැවත ඉපදී අලුත් ජීවිතයක් ආරම්භ කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවා නම් ේ ජීවිතයේ ම ඉන්න තිබෙන අවශ්‍යතාවය කුමක්ද? වැඩිපුර පින් ටිකක් කරගෙන, දෙවියන්ට ස්තෝත්‍ර කියා, එසේත් නැත්නම් ආගමික ස්ථාන ගොඩ නංවා, බණ භාවනාවන් කරගෙන, රැස් කරගත් පින් වලින් ඊළඟ ආත්මය අවුරුදු කෝටි ගන්නත් ඇසූපිරූ සැප ඇති ිව්‍යලෝක ජීවත්වීමට පුලුවන්නම්, මේ පෘථිවිය මත දුක්ඛිත ජීවිතය තව තවත් දීර්ඝ කර ගන්නේ ඇයි?


ඉතිහාසය පුරා ඉන්දියාවත් සමග ජීවත් වූ ආගම් භාෂාව යනාදී සියල්ල ඉන්දියාවෙන් ලබාගත් අපේ සංස්කෘතියටත් මේ අදහස් ඇතුළු වන්නට ඇත.


මට මේ අදහස් සියල්ල ඔළුවට ආවේ මේ දිනවල දකින රසදිය පාවිච්චි කර න්ධන හදා ගැනීමේ යම් පරීක්ෂණයක් නිසාය.


සමහරවිට, කාර්මික යුගය පටන් ගන්නා විට අතහැර දමන ලද, රසදියෙන් රත්‍රං හදාගැනීම පිළිබඳව මේ පරීක්ෂකයාට කියවන්නට හෝ කෙනෙකුගෙන් හට ලැබී තිබෙන්නට පුළුවන.


දැන් ලංකාවේ ඉන්ධන රත්තරන් හා සමාන කිරීමට කෙනෙකු සිතට නැගීමේ වරදක් නැත. මක්නිසාද රටේ ඉන්ධන ඒතරමටම දුර්ලභ වී ඇත්තේය. 

මගේ යාළුවෙක්  මිය ගිය ආරංචිය ලැබී, ඔහුට අවසාන ගෞරවය පුද කරන්නට  යාමට මම ඊයේ සිට, ඉන්ධන ටිකක් හෝ කුලී රථයක් සෙව්වෙමි. තවමත් සොයාගැනීමට නොහැකි වුනු අතර, මම බොහෝ කණගාටුවෙන් සිටිද්දී, වෙන වැඩකට දුරකතනෙන් කතා කළ මිතුරෙකු අද හවස මා සමග යාමට පොරොන්දු විය.


මේ පරීක්ෂනයට අපි උසුළු විසුළු කරන්නට හොඳ නැත. කරන්නටම නොහැකි යයි අපි හොඳින්ම දන්නා දෙයක් වුවත් වෙන කරන්නට දෙයක් නැත්නම් උත්සාහ කර බලන එකේ වරදක් නැත.

මක්නිසාද 1895 බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යා සංගමයේ සභාපති වරයා වූ ඉංග්‍රිසි ජාතික ෞතික විද්‍යාඥ සහ ගණිතඥ lord විලියම් thomson කෙල්වින් මෙසේ කියා ඇත්තේ ය.


"වාතයට වඩා බර, කිසිම යන්ත්‍රයකට ගුවනේ ගමන් කරන්නට නොහැක"


1903 වසරේ ාසල් අධ්‍යාපනය වත් හරියට නිමා නොකළ රයිට් සහෝදරයන් වාතයට වඩා බර යන්ත්‍රයක් ගුවන් ගත කළා පමණක් නොව අඩි 120 ක ගුවන් ගමනක් ද කළහ.



Sunday, July 3, 2022

සිංගප්පූරුවේ වැසියෝ 16

 

https://lakshmanillangakoon.blogspot.com/2022/07/blog-post.html?m=1


මේ නිලධාරියා මාත් සමග මා අණදුන් නෞකාවේ මට මතක හැටියට මාස හයක පමණ කාලයක් අතිරේක නිලධාරියකු ලෙස සේවය කළේය. නාවික හමුදාවේ අතිරේක නිලධාරියෙකු කියන්නේ extra කියන එක නොවේ, additional කියන එකය. 

ඒ ුද නැවක තිබෙන සාමාන්‍ය standard නිලයන්ට අමතරව ැවේ සිටින නිලධාරීන් ද සාමාන්‍යයෙන් භාවිත වන යෙදුමයි.

ඔහු රාජකීය නාවික හමුදාවේ සේවය කරද්දී විනෝදාංශයට දඩයම් කර ඇති අතර එම කතා ඇතුළු වෙනත් බොහෝ කතා අප සතුටු සාමීචියේ යෙදී සිටියදී මා සමග කියන්නට පුරුදුව සිටියේය. 

මට මතක හැටියට බ්‍රිතාන්‍ය නාවිකයන් ්‍රිකුණාමලය නාවික තටාකාංගනය ලක් රජයට භාරදෙන විට ඔහු සේවය කර ඇත්තේ තටාකාංගනයේ යුද්ධායුධ ගබඩාවේය.  royal ceylon navy කාලයේ එහි සිදු වූ බොහෝ සිත්ගන්නා කතාවන් ඔහු මට කීවේය.

ඔහුගේ අර මා මුලින් කියූ කතාව මෙලෙසය. 


එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක එකල ඩී එස් සේනානායක අගමැතිවරයා යටතේ පළාත් පාලන ඇමතිවරයා විය. මට ඔහු කිවූ වසර මතක නැති උනත්, බොහෝ විට පනස් ගණන්වල මුල් කාලයේ . 

ඇමතිවරයා යම් වැඩකට තමන්ගේ රාජකාරි රථයෙන් ්‍රිකුණාමලයට පැමිණියේය. මෙහිදී ඔහුට නාවික හමුදා තටාංගනය තුළට යාමට සිතුනි.

ඔහු අවශ්‍ය පුද්ගලයන්ට දන්වා තටාකාංගණය වෙත ගියේය. 

තටාංගනය ගේට්ටුව අසලදී ඔහු පිළිගත් ඒ ගේට්ටුවෙ රාජකාරි කළ යම් නිලධාරියෙකු, ඔහුට ඇතුලට යාමට ඉඩ දුන් පසු, එම වාහනයේ යම් ධජයක්, දැක තටාකාංගණය බ්‍රිතාන්‍ය ාජ්‍ය කොටසක් නිසා මෙසේ වෙනත් ධජයක් සවිකර ගෙන ගෙන ඇතුලට යාමට නොහැකි බව ඔහුට දන්වා ඇත. ඔහුට ඇතුලට යාමට අවශ්‍ය නම් එම ධජය ගලවා ඇතුළට ගිය හැකි බවද පවසා ඇත.

මෙයින් කෝපයට පත් වූ ඇමතිවරයා තටාකාංගණය ඇතුලට නොයා ආපසු ගොස් ඇත. මෙම සිද්ධිය සිතේ තබාගෙන සිටි අප බණ්ඩාරනායක සිරිමතානෝ පනස් හය වසරේ අගමැති වූ වහාම බ්‍රි‍රිතාන්‍යට ත්‍රිකුණාමලයේ නාවික කදවුර සහ කටුනායක ගුවන් කදවුර ආපසු භාර දී රටින් පිටවන ලෙස ඉල්ලා සිටියේල.


සංසන්දනාත්මකව සිංගප්පූරුවේ ද මෙවැනි තත්ත්වයක් ඇති විය. සිංගප්පූරුවට  එංගලන්තයෙන් නිදහස ලැබුනේ  1959 වුවද ැලේසියාවෙනුත් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1965 දීය.  යුද්ධයෙන් විශාල ආර්ථික අහේනියකට පත්ව සිටී එංගලන්තයට හැකි ඉක්මනින් රටෙන් පිට හමුදා කඳවුරු ඉවත් කරගෙන මුදල් ඉතිරිකර ගැනීමට ඕනෑ විය. 

එහෙත් එහි තිබුණු නාවික කදවුර සහ අනෙකුත් හමුදා පහසුකම් ඉවත් කරගෙන යනවට ස්වාධීන වූ රාජ්‍යයේ අගමැති වූ lee kuan yew තදින්ම අකමැති විය. එයට හේතු වූයේ එයින් ලැබෙන ආරක්ෂාවක් එසේම ආදායමත් කරුණු කොට ගෙන ය. 


ඔහු කීප වරක් එංගලන්තයට ගියේය. ඒ රාජ්‍ය නායකයන් මුණගැසී සාකච්ඡා කළේය. ඒ සියල්ලෙන් ම උත්සාහ කළේ හැකි තරම් කාලයක් බ්‍රිතාන්‍ය හමුදාවන් සිංගප්පූරුවේ තබා ගැනීම සඳහාය. 


එහෙත් තමන්ගේ අධිරාජ්‍ය වකවානුව දැන් අවසන් වී ඇති බව සහ ලෝකයේ අධිරාජයන් පවත්වා ගැනීමේ කාලය අවසන් වී ඇති බව අව

බෝධ කරගත් බ්‍රිතාන්‍ය එයට කෙලෙසකවත් කැමති වූයේ නැත.



සිංගප්පූරු රජය වහාම එම නාවික කදවුර සහ එහි තිබූ පහසුකම් Sembawang Shipyard Pte Ltd, ලෙස ්‍යාපාරයක් ආරම්භ කළ අතර එය කළමනාකරනය කිරීමට පත් කරන ලද්දේ ද ඒ සඳහා පුරුද්ද තිබූ බ්‍රිතාන්‍ය සමාගමකි.

සෙම්බ්කෝප් මැරීන් සමාගමය යනුවෙන් අද හැඳින්වෙන එම ්‍යාපාරය දැන් ඉන්දුනීසියාවේ ඉන්දියාවේ බ්‍රසීලයේ වැනි රටවල පවා තටාකාංගන පවත්වාගෙන යන සිංගප්පූරු රජයට අයිති සමාගමකි.

අප බ්‍රිතාන්‍යයන්ගෙන් ්‍රිකණාමලේ නාවික පහසුකම් ලබාගෙන දැන් අවුරුදු හැත්තෑවක් පමණ වෙයි, අපි තවමත් ඒ ආශ්‍රිතව සුද්දන් සෑදූ ගබඩා සංකීර්ණයට කුමක් කරන්නේදැයි පොරකමින් සිටින්නෙමු.


අප රටවල් දෙකේ වෙනස පටන් ගැනුණේ ඒ ආකාරයටය.








Friday, July 1, 2022

සිංගප්පූරුවේ වැසියෝ 15 හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/he-news.html?m=1

මම මේ ලඟදි සිංගප්පූරුවේ සති දෙකක් ගත කළෙමි. ඒ පිළිබඳව බ්ලොග් දුසිමක් පමණ ලිව්වෙමි. සිංගප්පූරුව සහ ලංකාව බොහෝවිට සංසන්දනය කරනු අප දැක ඇත්තෙමු.

සිංගප්පූරුව ලංකාව  තරමටම දියුණු රටක් බවට පත් කිරීමට එරට පාලකයන් හැට ගණන් වල උත්සාහ කළ බවත් අවුරුදු විස්සකට පමණ පසුව ලංකාව සිංගප්පූරුවේ තත්වයට ගෙන ඒමට අප නායකයන් උත්සාහ කළ බවත් අප අසා ඇත්තෙමු. 

මේ තරමටම සිංගප්පූරුව අප පසුකරගෙන දියුණු වන්නට ප්‍රධාන හේතු මොනවාද මම බොහෝ විට කල්පනා කරන්නෙමි.

හැට ගණන් වල අප වගේ වෙන්නට සිතූ සිංගප්පූරුව දැන් වන විට ලෝකයේ දෙවනියට පොහොසත් රට බවට පත්වූයේ කෙසේද?

ඔවුනට 1965 වසරේ නිදහස ලැබෙන විට, සිංගප්පූරුවට ලෝකේ රටකට තිබිය හැකි හැම ප්‍රශ්නයක්ම වාගේ තිබුණි. නොයෙකුත් රටවල බොහෝ දැන උගත් දේශපාලන විචාරකයන් සිංගප්පූරුවට වැඩිකාලයක් ස්වාධීන රාජ්‍යයක් ලෙස ජීවත්වීමට නොව ඉඩ නොලැබෙන බවට කැට තැබූහ. 

කොමියුනිස්ට් වෘත්තීය සමිති, ඒවාට උදව් කරන මාඕ සේතුංගේ මුළු ආසියාවම කොමියුනිස්ට් වියයුතුයැයි සිතූ චීන රාජ්‍යය, කොයි මොහොතේ හෝඇවිලෙන්නට බලා සිටී චීන මැලේ සහ දකුණු ඉන්දියානු ජන කොට්ඨාස, අපරාධ කල්ලි වලින් අනූන වූ චීන මාෆියා කණ්ඩායම්, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ තදින්ම ක්‍රියාකාරී වූ කොමියුනිස්ට් විප්ලවීය කණ්ඩායම් සිංගප්පූරුවට එකල තිබූ ප්‍රශ්න වලින් කිහිපයක් විය. ඔවුනට කියන්නට තරම් අපට මෙන් තේ පොල් රබර් වැනි ආර්ථිකයක් තිබුණේත් නැත.


නමුත් ඔවුන් පටන් ගන්නා විටම අප පටන් ගන්නා විට කළ දෙයක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කළේය. ඒ ඒ වන විට රටේ සිටී බ්‍රිතාන්‍යය යුද හා නාවික හමුදා පිළිබඳවය.


ලංකාව නිදහස ලබා ගෙන අවුරුදු දහයක් පමණ යන විට බ්‍රිතාන්‍යය හමුදාවන්, ලංකාවෙන් පිටත් කර හැරියේය. ත්‍රීකුණාමලේ සහ කටුනායක තිබුණා බ්‍රිතාන්‍ය හමුදාවන් මෙසේ පිටත්කර හරින ලද්දේ, පනස් හයේ බණ්ඩාරනායක රජය විසිනි. 


මේ සඳහා හේතුව කුමක් විය හැකිද?


දැන් අවුරුදු විස්සකට පමණ පෙර නාවික හමුදාව නොයෙකුත් මෙහෙයුම් කිරීමට නිලධාරීන් මදි නිසා ිශ්‍රාම ගෙන සිටි නිලධාරීන් පිරිසක් නැවත සේවයට කැඳවන ලදී. මම මේ කාලයේ ඉන්දියාවේ සිට ලංකාවට කොටි බෝට්ටු පැමිණීම වළක්වා ලීමට ආරම්භ කරන ලද කොටි පොල්ල නැමැති මෙහෙයුමේ යොදවා තිබුණු පැරණි වෙළඳ නෞකාවක අණභාර නිලධාරියා වශයෙන් සිටියෙමි. මගේ නෞකාවට ද, මෙලෙස විශ්‍රාම ගත් නිලධාරියෙකු අනුයුක්ත කරන ලදී. 

ඔහු ාවිකයෙකු වශයෙන් රෝයල් සිලෝන්  නාවික හමුදාවට බැඳී කාලයක් ගත වූ පසු ලුතිනන්වරයකු බවට පත්ව විශ්‍රාම ගෙන සිටියේය.

මේ සම්බන්ධයෙන් ඔහු මට ලස්සන කතාවක් කීවේය.......... ඉතිරි කොටස හෙට

කූඹි කරදරේ

 අපගේ ටීවී එකේ පෙරේදා සිට පින්තූරය පෙනෙන්නේ නැත.  ශබ්දය පමණක් ඇසේ.  මේ පිළිබඳව මෙය මිලදී ගත්  ආයතනය වන දම්රෝ එකට වාර්තා කළෙමි. ඊයේ එහි තාක්ෂ...